අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු අයියා සහ නංගී ප්‍රශ්ණ කිරීමට අවසර | දිනමිණ

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු අයියා සහ නංගී ප්‍රශ්ණ කිරීමට අවසර

(සුභාෂිණී සේනානායක)
 
කොළඹ පිහිටි සමාජ ශාලාවල අයිස්  මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන සිද්ධියකට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතික එකම පවුලේ අයියා සහ නංගි ලබන 15 වනදා දක්වා රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(11) අවසර ලබා දුන්නේය.
 
කොල්ලුපිටිය පොලිසිය විසින් කොල්ලුපිටිය එලිබෑන්ක් මාවතේ පිහිටි නිවසකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබී ඇති තොරතුරු වලට අනුව ඔවුන් රදවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය සිදු කළේය.
 
සැකකාර චීන ජාතික සහෝදරයන් දෙදෙනා සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්රූම් 20 ක් ගංජා ග්‍රෑම් 1200ක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.
 
මෙලෙස රදවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ චීන ජාතික චෝලී වේ යන කාන්තාව සහ සූ යී පාවෝ නමැති පුද්ගලයා වේ.
 
මොවුන් අයිස් මත්ද්‍රව්‍ය සමාජ ශාලාවල ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න