පුරාවස්තු සෙවූ 05ක් අත්අඩංගුවට | දිනමිණ

පුරාවස්තු සෙවූ 05ක් අත්අඩංගුවට

කෑගල්ල පොලිස් වසමේ තිබ්බොටුමුනාව ප්‍රදේශයේ  පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණිම් සිදු කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
නිවසක් තුළ මෙම කැණීම් සිදු කරමින් සිටින අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
සැකකරුවන් සතුව තිබී කැණීම් සඳහා යොදා ගන්නා උපකරණද සොයා ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් 42,62,32,51,22 යන වයස් වල පසුවන කෑගල්ල, රිදියගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
 
ඔවුන් අද(11) කෑගල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර කෑගල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

නව අදහස දක්වන්න