තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන ‘ස්මාර්ට් ශ්‍රී ලංකා’ | දිනමිණ

තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන ‘ස්මාර්ට් ශ්‍රී ලංකා’

තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන ‘ස්මාර්ට් ශ්‍රී ලංකා’ වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු පළමු වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් 08 දා පස්වරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි. ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළ අවස්ථාව. නිමල් සිරිපාල ද සිල්වා.

මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, රවින්ද්‍ර සමරවීර, ඉසුර දේවප්‍රිය, ශාන්ත බණ්ඩාර, එරික් වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද, හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා ද, උතුරු මැද පළාත් ආණ්ඩුකර සරත් ඒකනායක මහතා ඇතුළු ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ද, තරුණ තරුණියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 ( ඡායාරූපය : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

නව අදහස දක්වන්න