මධූෂ් සහ ගායකයෙකු ඩුබායි හී දී කොටු - UPDATE | දිනමිණ

මධූෂ් සහ ගායකයෙකු ඩුබායි හී දී කොටු - UPDATE

පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය ඡාවාරමට හා පාතාලයට සම්බන්ධ පුද්ගලයින් 25දෙනෙකු ඩුබායි හී හෝටලයකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. 
 
මෙම අත්අඩංගුවට ගත් පිරිස සමඟ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් ද සිටින බව සදහන් වේ. 
 
සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නැමැති අයව හඳුන්වන වෙනත් නම් ලෙස මාකඳුරේ මධුෂ්, කඹුරුපිටියේ මධුෂ්, මාතර මධුෂ් යන නාමයන් හැදින්විය හැකිය. 
 
2006 වසරේ දී දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් වූ ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතන සිද්ධියෙන් පසු මාකදුරේ මධූෂ් විදෙස් ගතව තිබුණි. 

මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී දැලේ

පාතාලයේ 25ක් සමඟ ප්‍රසිද්ධ ගායකයකුත්

මාකඳුරේ මධුෂ් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් විසි පස් දෙනකු ඩුබායි හෝටලයකදී මත්ද්‍රව්‍යද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ජාවාරම්කරුවන් පිරිස අතර මෙරට ප්‍රසිද්ධ ගායකයකුගේ පුතකු සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්විමෙන් පසු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලය දෙදරා යමින් පවතින බවත් මෙම ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තොරතුරු හෙළි කැර ගැනීමට හැකි වන බවත් පොලිසය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස අත්අඩංගුවට ගැනීම මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ සුවිශේෂි ජයග්‍රහණයක් වන බව අනාවරණය වෙයි.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිදු කරමින් සිටි මධුෂ්, අංගොඩ ලොක්කා සහ තවත් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදු කරද්දි හොර රහසේ මෙරටින් ඉන්දියාවට පළා ගොස් අනතුරුව ඩුබායි රටට පැන ගෙන ඇති බවට මෙරට බුද්ධි අංශ මඟින් තහවුරු කර ගෙන තිබුණි.

ප්‍රසිද්ධ දේශපාලඥයකු වු ඩැනි හිත්තැටිය මහතා ඝාතනය මාකදුරේ මධුෂ් ගේ කණ්ඩායමක් සිදු කරනු ලැබු බවට පොලිසිය මඟින් කරුණු තහවුරු කර ගැනිමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදු කරන අතරතුරේදි ඔහු මෙසේ මෙරටින් පළා ගොස් ඇති බවට කරුණු තහවුරු වී තිබුණි.

ඩුබායි රටට පැන ගොස් තිබු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස ඩුබායි පමණක් නොව මැලේසියාව, සිංගප්පුරුව, පාකිස්ථානය යන රටවල් සමඟ ද සම්බන්ධතාවයන් පවත්වමින් මෙරටට පමණක් නොව වෙනත් රටවලට ද මත්ද්‍රව්‍ය සැපයීම මහා පරිමාණයෙන් සිදු කරමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධව සැටලයිට් දුරකතන ,ඊෂි කෑෂ් මුල්‍ය ගණුදෙනු ක්‍රම සහ බන්ධනාගාරයේ සිටින පිරිස් හා එකතු වී මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් කර ගෙන ගිය බව කියන මධූෂ් අතුළු පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම පිණිස මෙරට පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ සහාය ද ඉල්ලා සිටියේය. ඒ අතර පොලිස් කණ්ඩායම් එරටට ගොස් මෙහෙයුම් ද සිදු කරනු ලැබිණි.

ඊට අමතරව මෙරට සිදු වු මිනිමැරුම් සහ මහා පරිමාණ මුදල් කොල්ලකැම් ඇතුළු අපරාධ විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන්ද මධුෂ් ඇතුළු මෙම අපරාධකරුවන් වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම අධිකරණය මඟින් රතු නිවේදන නිකුත් කැර තිබුණි.

මේ අතර මෙරට දී සිදු කරනු ලැබු මෙහෙයුම්වලදී මධුෂ් සහ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගණනාවකගේ ගෝලයන් රැසක් පසුගිය වසර කිහිපය තුළ සිදු කරනු ලැබු මෙහෙයුම්වලින් අත්අඩංගුවට පත් වුහ.

මාකදුරේ මධුෂ් සහ අත්අඩංගුවට පත්වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට එවන ලදැයි කියන මත්කුඩු කිලෝ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසර කිහිපය තුළ අත්අඩංගුවට ගත් අතර මෙරට මත්ද්‍රව්‍ය හුවමාරුවට මත්ද්‍රව්‍ය නාශක අංශය විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මකව මෙම ජාත්‍යන්තර මත්ද්‍රව ජාලයේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනිමත් සමඟ ලෝකයේ රටවල් රැසක සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම විශාල වශයෙන් අඩු වෙන බවද පොලිසිය පවසයි.අපරාධ කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ,පොලිසිය ,නාවික හමුදාව ඇතුළු මෙහෙයුම් අංශවලට හැකි වී තිබිණි.

ඩුබායි බුද්ධි අංශවලට ලැබුණු තොරතුරක් මත එරට ජාත්‍යන්තර පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් මේ වන විට දෙරට අතර සාකච්ජා පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහාන් කරයි.

විජයානි එදිරිසිංහ

නව අදහස දක්වන්න