මේ අනතුර නොපෙනේද ? | දිනමිණ

මේ අනතුර නොපෙනේද ?

හෙම්මාතගම කෙහෙල්පන්නල මාර්ගයේ පුහුල්හේන ගම්මානයට ආසන්නව පිහිටා ඇති ප්‍රධාන මාර්ගයට යොදා ඇති බෝක්කුව අසල ආරක්ෂිත වැටක් නොමැතිකම අනාරක්ෂිත තත්වයක් වන බව ජනතාව පෙන්වා දෙති.

පුහුල් හේන කනිෂ්ඨ පාසලට මෙන්ම හෙම්මාතගම නගරයේ පාසල් වලටත් කෙහෙල්පන්නල පාසලටත් දුවා දරුවන් විශාල ප්‍රමාණයක් දෛනිකව ගමන් කරන හෙයින් මෙම ස්ථානයෙන් පයින් ගමන් කරන ඔවුන්ට මෙය අනාරක්ෂිත තත්වයකි.

මහ පාරට පහතින් ඇති ජලය ගලා යන කානුව විශාල බෑවුම් සහිත වන අතර පහතින් ඇත්තේ ගල් තලාවක් වන බවද ඔවුහු පෙන්වා දෙති. මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසුව වාහාන වේගයෙන් ගමන් කරන අතර වංගු සහිත ස්ථානයක් වන මෙම ස්ථානය සම්බන්ධයෙන් රියදුරන් විමසිලිමත්ව රිය ධාවනයේ යෙදිය යුතු බවටද ජනතාව කියති.

මෙම බොක්කුව සහ පාලම ඇති ස්ථානයෙන් වාහන ගමන් කරන විටදි මිනිසුන්ට ගමන් කිරිමට නොහැකි වන අතර වාහාන දෙකක් මාරු විමද අනතුරුදායක තත්වයකි.

ජායාරූප හා සටහන මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර

නව අදහස දක්වන්න