ලොරිය රේල් පාරේ | දිනමිණ

ලොරිය රේල් පාරේ

බණ්ඩාරවෙල ඔත්තේකඩේ දුම්රිය හරස් මාර්ගය ඔස්සේ කම්බි පැටවූ ලොරියක් ධාවනය වීම නිසා 09 දින ප.ව 2.00 සිට රාත්‍රි 9.00 දක්වා උඩරට දුම්රිය ගමනාගමනය මුළුමණින්ම ඇනහිට තිබුණු බව පොලීසිය පැවසීය.

කොළඹ සිට පැමිණී කම්බි පැටවු ලොරි රථයක් හපුතලේ-බණ්ඩාරවෙළ අතර හමුවන ඔත්තේකඩේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයේ මීටර් 50ක පමණ දුරක් ධාවනය වී නැවතී තිබේ.

ලොරිය දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගැනීම නිසා දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවී ඇතැයි පොලීසිය කියයි.

අනතුර සිදුවී පැය හතක කාලයක් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රි හපුතලේ දක්වාද, බදුල්ල සිට කොළඹට ධාවනය වන දුම්රි බණ්ඩාරවෙල දක්වාද සීමාවී තිබු බව පොලිසිය කීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් පැය හතක කාලයකින් දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් කටයුත කර තිබේ. මෙම ස්ථානයේ මීට පෙරත් මෙවැනිම අනතුරු 54ක් පමණ සිදුව තිබෙන බව පොලීසි කීය

අනතුර සිදු කළ ලොරි රථයේ රියදුරු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

බණ්ඩාරවෙළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් මත නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ඌව පළාත් සමූහ
ප්‍රසන්න පත්මසිරි

නව අදහස දක්වන්න