හක්බෙල්ලන් 8ක් එක්ක සැකකරුවෙක් කොටු | දිනමිණ

හක්බෙල්ලන් 8ක් එක්ක සැකකරුවෙක් කොටු

තහනම් හක්බෙල්ලන් නීති විරෝධි ලෙස හම්බන්තොට නගරයේ නිවසක විකිණිමට සූදානම් කර තිබිය දී හක් බෙල්ලන් සමඟ (08) එක් සැකකරුවෙකු හම්බන්තොට පන්වැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා වනජීවි නිලධාරීන් එක්ව සිදුකළ වැටලිමක දී අත් අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරි කේ. ජී. සමන් පාලිත මහතා කීය.

නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. විකිණිමට තහනම් ආරක්ෂිත සත්ත්වයෙක් වන හක්බෙල්ලන් වර්ග හතරක් මෙම සැකකරු සන්තකයේ තිබූ අතර රුපියල් 50000 කට පමණ වටිනා කමින් යුතු හක්බෙල්ලන් අලවි කිරිමට සූදානම් කර තිබිය දී හම්බන්තොට නගරයේ නිවසක දී සැකකරු සමඟ අත් අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් හක්බෙල්ලන් විශේෂ හතරක් මෙරට විකිණිම හෝ ලඟ තබා ගැනීම සපුරා තහනම් වන හෙයින් සැකකරුට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට වනජීවී නිළධාරින් කටයුතු සිදු කරන බව මෙම වැටලීමට එක් වූ අඩවි ආරක්ෂක නිලධාරී ජේ.ඒ.පී විජය කුමාර මහතා කීය.

ලුණම සමූහ සනත් ගමගේ

 


නව අදහස දක්වන්න