විජයඝෝෂ විදුහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට | දිනමිණ

විජයඝෝෂ විදුහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට

කොළඹ දිස්ත්‍රික්කයේ වැසී යන පාසල් කිහිපයකටම ඔක්සිජන් දී නැවත පණගන්වා ජනප්‍රිය පාසල් බවට පත් කළ බවත් නොබෝ දිනකින් බස්නාහිර පාසල් වෙත ස්මාර්ට් පන්ති ආරම්භය පටන් ගන්නා බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා කොට්ටාව මාලපල්ල විජයඝෝෂ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කරමින් කීය.

කොට්ටාව මාලපල්ල විජයඝෝෂ විද්‍යාලයේ සිසුන්ගේ පන්තිකාමර ඉඩකඩ විසඳීම සඳහා මේ තෙමහල් ගොඩනැගිල්ල ඉදි කෙරිණි. දිනෙන් දින පිරිහෙමින් වැසී යෑමේ තර්ජනයකට මුහුණ පෑ මේ පාසල් නැවත ගොඩනැඟීම සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා කටයුතු කිරීම මේ පාසල නැවත පුනර්ජීවී තත්ත්වයකට පත් කිරීමට පාසල් ප්‍රජාව සමඟ එකමුතුව කටයුතු කළේය. මේ උත්සවය සඳහා බස්නාහිර පළාත් මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගිවී සිටියහ. ඡාරූප පන්නිපිටිය විශේෂ

පන්නිපිටිය විශේෂ අනිල් ලසත් පෙරේරා

නව අදහස දක්වන්න