නිවාසාන්තර ක්‍රීඩා | දිනමිණ

නිවාසාන්තර ක්‍රීඩා

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාව ලකුණු 367ක් ලබාගත් ශාන්ති නිවාසයට හිමිවිය. ජයග්‍රාහී නිවාසයේ නායිකා නෙතාරා හික්කඩුව, ක්‍රීඩා නායිකා ජිනෝදි නිවංකා ඇතුළු සාමාජිකාවෝ ප්‍රධාන ආරාධිත විදුහල් ආදි සිසුවියකවූ ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හිමාලි සොයිසා, විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ මහත්මීන් අතින් ශූරතාව ලබාගත් අයුරු.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

*******************

මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල ප්‍රවීණ මොටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් බෝගම්බර ක්‍රීඩංගණයේදී පැවැත්විණි. සංඝමිත්තා, ප්‍රජාපතී, යශෝධරා සහ මායා යන නිවාස නියෝජනය කරමින් පැවැති තරඟ වලදී ලකුණු 339ක් ලබාගත් සංඝමිත්තා නිවාසයට ප්‍රථම ස්ථානය හිමිවිය. එහි නායක තිළිණි නානායක්කාර සිසුවිය විසින් සිය කණ්ඩායමට හිමි කුසලානය ඩිලන්ත මාලගමුව මහතා අතින් ලබා ගත් අයුරු. මහමායා විදුහල්පතිනි හිමාලී සේනාධීර මහත්මියද ඡායාරූපයේ සිටිී.

ඡායාරූපය-අසේල කුරුළුවංශ

*******************

තඹුත්තේගම මකුලෑව මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගැනීමට ලකුණු 573ක් ලබාගත් මයුර නිවාසය සමත් විය. අනුශූරතාව ලිහිනි (516) නිවාසයටත්, තෙවැනි ස්ථානය තිසර නිවාසයටත් හිමිවූ ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී නිවාසයට තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. පී. කරුණාරත්න බණ්ඩාර මහතා අතින් ශූරතාව පිරිනැමූ අයුරු. තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක බෝබුවල කල්‍යාණවංශ හිමියන්, විදුහල්පති කේ. ගීතාල් මහතාද මේ අවස්ථාවට එක්විය.

ඡායාරූපය - තඹුත්තේගම සී.එම්.ආරියපාල

*******************

අනුරාධපුර මහින්ද ප්‍රාථමික විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාප්තිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහිදී ජයග්‍රාහී කණ්ඩායමට මන්ත්‍රීවරයා අතින් කුසලාන පිරිනැමූ අවස්ථාවයි මේ.

ජායාරුපය - අනුරාධපුර අතිරේක

*******************

කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහ විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගැනීමට ලකුණු 543ක් ලබාගත් ඉන්දීර නිවාසය සමත් විය. චන්දිර නිවාසයට (391) දෙවැනි ස්ථානයත්, මන්දීර නිවාසයට තෙවැනි ස්ථානයත් හිමිවූ ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී නිවාසයේ ක්‍රීඩා නායිකා නෙතුනි සුගන්දිනී සහ උප නායිකා ඉෂිනි නවෝද්‍යා ශූරතා කුසලානය ලබාගත් අයුරු. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි ගුණරත්න, දොම්පෙ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා අජිතා ප්‍රියංගනී සහ විදුහල්පතිනිය ඉන්දු සමරකෝන් මහත්ම මහත්මිහු මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූපය - කිරිඳිවැල සමූහ.

*******************

මුලටියන මීපාවිට කනිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනාගැනීමට ලකුණු 207ක් රැස්කළ කේසර නිවාසය සමත් විය. අනුශූරතාව කණ්ඩුල නිවාසයට හිමිවිය. මුලටියන අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා විෂයභාර අධ්‍යක්ෂ කේ.පී.ජී.සී. දේශප්‍රිය මහතා විසින් ජයග්‍රාහිකාවකට ජය සංකේත පිරිනමමින්. විදුහල්පති මහින්ද මොහොට්ටි මහතාද මෙහි සිටී.

ඡායාරූපය - දෙයියන්දර සමූහ


නව අදහස දක්වන්න