අම්බ­ල­න්තොට පොලිස් ස්ථානා­ධි­පති ජනා­ධි­පති ප්‍රසාද සම්මා­න­යෙන් පිදුම් ලබයි | දිනමිණ

අම්බ­ල­න්තොට පොලිස් ස්ථානා­ධි­පති ජනා­ධි­පති ප්‍රසාද සම්මා­න­යෙන් පිදුම් ලබයි

ලුණම සමූහ සනත් ගමගේ

මත් ද්‍රව්‍ය නිවා­ර­ණය වෙනු­වෙන් සිය රාජ­කා­රිය නිසි ලෙස ඉටු­කළ අම්බ­ල­න්තොට පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජගත් විජේ­ගු­ණ­රත්න මහ­තාට ජනා­ධි­පති ප්‍රසාද සම්මා­නය හිමි­වීම නිමි­ත්තෙන් අම්බ­ල­න්තොට ජන­තාව විසින් ස්ථානා­ධි­ප­ති­ව­රයා පිළි­ගැ­නීමේ උත්ස­ව­යක් පසු­ගි­යදා සංවි­දාන කර තිබිණි. මත් ද්‍රව්‍ය නිවා­ර­ණය කිරීම වෙනු­වෙන් කැප වූ පොලිස් නිල­ධා­රින්ට ජනා­ධි­පති සම්මාන පිරි­නැ­මීම පසු­ගි­යද‍ා කොළඹ දි සිදු කෙරිණි. එහි දී දකුණු පළාතේ පොලිස් ස්ථාන අත­රින් අම්බ­ල­න්තොට පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට ජනා­ධි­පති සම්මා­නය හිමි වී ඇත. අම්බ­ල­න්තොට පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජගත් විජේ­ගු­ණ­රත්න මහතා ට හිමි වූ සම්මා­නය ඇග­යී­මට ලක් කිරීම හා අම්බ­ල­න්තොට නග­රය ඇතුළු පොලිස් බල ප්‍රදේ­හයේ මත් ද්‍රව්‍ය නිවා­ර­ණ­යට ගත් ක්‍රියා මාර්ග වෙනු­වෙන් අම්බ­ල­න්තොට ජන­තාව සමඟ පොලිස් ස්ථානයේ සිය­ලුම නිල­ධා­රීන් එක්ව පිළි­ගැ­නිම සිදු කෙරිණි. ගත වූ වසර තුළ පම­ණක් අම්බ­ල­න්තොට පොලිස් බල ප්‍රදේ­ශ­යෙන් මත් කුඩු ජාවා­රමේ යෙදුණු පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගෙන ඔවුන් 26 දෙනෙක් නැවත පුන­රු­ත්ථා­ප­නය සඳහා යොමු­කි­රීම වෙනු­වෙන් විශේ­ෂ­යෙන් මේ සම්මා­නය හිමි වූ බව අම්බ­ල­න්තොට පොලිස් ස්ථානා­ධි­පති ජගත් විජේ­ගු­ණ­රත්න මහතා මෙහිදී සඳ­හන් කළේය. මත්කුඩු හා ගංජා ජවා­රම් කරු­වන් 99 දෙනෙක් අත් අඩං­ගු­වට ගෙන ඇති අතර ඉන් 26 දෙනෙක් පුන­රු­ත්ථා­ප­නය කිරි­මට යොමු කිරී­මට හැකි වූ බවද කීය. ජාවා­රම් කරු­ව­න්අ­තර කාන්තා­වන් 7 දෙනෙක් සිටී­මද විශේ­ෂ­ත්ව­යක් වි ඇත.

මෙයට අම­ත­රව මත් කුඩු හා ගංජා ළඟ තබා ගැනීමේ වර­දට පුද්ග­ල­යන් 385 දෙනෙක් අත් අඩං­ගු­වට ගෙන තිබේ. නිති විරෝධි මත්පැන්, මහ රා, මත්පැන් වැඩි මුද­ලට විකි­ණිම් යටතේ ද පුද්ග­ල­යන් 332ක් අත් අඩං­ගු­වට ගත් අතර සම්පූ­ර්ණව 2018 වසර තුළදී පම­ණක් මත් ද්‍රව්‍ය වැරැදි සම්බ­න්ධ­යෙන් පුද්ග­ල­යන් 1376 දෙනෙක් අත් අඩං­ගු­වට ගැනී­මට හැකි වූ බවද මේ සම්මා­නය තනි­වම ලබා ගත් එකක් නොවන බවත් අම්බ­ල­න්තොට ප්‍රදේ­ශයේ ජන­තාව ලබා දුන් තොර­තුරු හා සහාය මෙන්ම සෙසු නිල­ධා­රීන්, මාධ්‍ය­වේ­දීන්ද දැක් වූ සහාය අගේ කරන බවද ඒ මහතා මෙහි දී කීය.

නව අදහස දක්වන්න