ඉන්දියාවේ "අලි අත්තම්මා" මිය යයි | දිනමිණ

ඉන්දියාවේ "අලි අත්තම්මා" මිය යයි

ඉන්දියාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම හීලෑ අලියා  මිය ගොස් ඇත. 
 
"අලි අත්තම්මා" ලෙස හැඳින්වූ  88 හැවිරිදි " දක්ෂයානි"  කේරළයේ චෙන්ගලූර් මහාදේව කෝවිලේ පූජණීය චාරිත්‍ර වල නිරත වෙමින් ජීවත් වූවාය. 
 
ඇය මිය යාමට දින කිහිපයකට පෙර ආහාර ගැනීම නතර කළ බව පශු වෛද්‍යවරයා සඳහන් කර තිබේ. 
 
මෑත වසර කිහිපය තුළ අන්නාසි හා කැරට් ඇයගේ ආහාරය වූ බවත් වසර කිහිපයක් තිස්සේ ඇය කිසිදු පොදු කටයුත්තකට සහභාගි නොවූ බවත් වාර්තා වේ. 

නව අදහස දක්වන්න