හේමාස් රෝහල රජත සම්මානයෙන් පිදුම් ලබයි | දිනමිණ

හේමාස් රෝහල රජත සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්‍ර වෙත ජාත්‍යන්තර ප්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදුන් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය හිමි මෙරට ප්‍රථම සහ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් සමූහය, පසුගියදා හිල්ටන් හෝටලයේ පැවැති 15වන ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සුවසේවා ක්ෂේත්‍රය වෙනුවෙන් රජත සම්මානයෙන් පිදුම් ලැබීය.

ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල සම්මාන සඳහා නිර්දේශ කිරීමේ දී ආයතනික වශයෙන් අංශ හතක විශිෂ්ටතාවයන් පිලිබඳ දෘඩ ඇගයීමක් සිදු කරනු ලබයි. ඒ අනුව නායකත්වය, ආයතනික යහපාලනය, ධාරිතා වර්ධනය, කාර්යසාධන කළමනාකරණය, දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොල වෙත ළඟාවීම, ආයතනික සමාජීය වගකීම, පාරිසරික තිරසාරත්වය මෙන්ම මූල්‍ය වාර්තා ප්‍රතිපල යනා දී කරුණු සම්බන්දයෙන් හේමාස් රෝහල් සමුහය පෙන්නුම් කළ විශිෂ්ටතාවය මත මෙම සම්මානය ඔවුන් වෙත හිමි විය.


නව අදහස දක්වන්න