වෙඩි වැදුණු වල් අලියාට වනජීවීයෙන් පිහිට | දිනමිණ

වෙඩි වැදුණු වල් අලියාට වනජීවීයෙන් පිහිට

ලුණම සමූහ සනත් ගමගේ

මත්තල අධිවේගී මාර්ගයේ ගුවන්පාළම අසල ගලහිටිය වැව ආසන්නයේ වෙඩි වැදුනු වල් අලියෙකුට ප්‍රතිකාර කල බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරී කේ.ජී සමන් පාලිත මහතා කීය.වයස අවුරුදු 30 ක් පමණ වන මෙම වල් අලියාගේ දකුණු අත ප්‍රදේශයට වෙඩි වැඳීම හේතුවෙන් ඉතා අපහසුවෙන් කෑම සොයා ඇවිදිමින් සිටින අවස්ථාවේ දි වනජීවී නිළධාරීන් දැක අලියාට ප්‍රතිකාර කිරීම සිදු කර ඇත.උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් පැමිණ ප්‍රතිකාර කිරීම සිදු කල බව සමන් පාලිත මහතා කීය.හම්බන්තොට වනජීවී කාර්යාලයේ වනසත්ව නියාමක වරුන් වන ජනක සුරංඟ,සම්පත්, කේෂ්ත්රො නිළධාරි න් වන ෆින්ස් ද සිල්වා,තිළිණ ද සිල්වා රියදුරු බන්දුල යන නිළධාරිහු මෙම වල් අලියාට ප්‍රතිකාර කිරීමට කටයුතු කලහ.

නව අදහස දක්වන්න