පැරා මළල ක්‍රීඩක අමිල ප්‍රෂන්ට නව නිවසක් | දිනමිණ

පැරා මළල ක්‍රීඩක අමිල ප්‍රෂන්ට නව නිවසක්

ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ තමන්ට බෙදා ගැනීම නොව ලක්ෂ 220 ක් වන රටේ පුරවැසි පරපුරට බෙදා දීම බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. 
 
පසුගිය දිනවල ආගමික සිද්ධස්ථානවලට ගොස් රජයේ නිවාස සංවර්ධන වැඩසටහනට එරෙහිව පොල් ගැසූ විරුද්ධවාදීන්ට වැඩිපුර 24 පැයම පොල් ගසා හූනියම් කරන්නැයි තමන් ප්‍රකාශ කරන බවත්, ඔවුන් එලෙස සිදු කරන්නට, කරන්නටරජය වැඩියෙන් රටේ ජනතාවට බෙදන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 
 
රටට කීර්තියක් අත්පත් කරදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජය අද නොමිලේ නිවාස ලබා දෙන විට, එදා සිදු වූයේ පාලකයින්ගේ පවුලේ සාමාජික සාමාජිකයින්ට රටේ ජාතික සම්පත් රිසි සේ බෙදා හදා ගැනීම බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවැසීය.
 
අමාත්‍යවරයා මේ බව කියා සිටියේපැරා මළල ක්‍රීඩාවලින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කර ගත්වර්ණකුලසූරිය අමිල ප්‍රෂන් ක්‍රීඩකායාට නව නිවසක් පිරිනැමීමවෙනුවෙන් අද (07)  නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී පැවතිඋත්සවයට සහභාගි වෙමිනි. 
 
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් ඔහු වෙත මෙම නිවස ලබා දුන් අතර සියලු පහසුකම් සහිතමෙම නිවසෙහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් පමණ වේ. වත්මන් රජය යටතේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් ලබා දුන් 26 වන නිවස මෙය වේ. 
 
පුත්තලම, මදුරන්කුලිය, කීර්තිසිංහගමපදිංචිඅමිල ප්‍රෂන් ක්‍රීඩකයා2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා තරගාවලියේදී මීටර් 100 ප්‍රථම ස්ථානය සහ ආසියානු වාර්තාව, එම තරගාවලියේම මීටර් 200 ප්‍රථම ස්ථානය, 2018 ජාතික පැරා තරගාවලියේදී මීටර් 100 සහ මීටර් 200 ප්‍රථම ස්ථානය, 2017 ජාතික පැරා තරගාවලියේදී මීටර් 100 ප්‍රථම ස්ථානය සහ උස පැනීම දෙවන ස්ථානය, 2018 වසරේ යුද හමුදා පැරා තරගාවලියේදී මීටර් 100 සහමීටර් 200 ප්‍රථම ස්ථානය දිනා ගැනීම ඇතුළු පැරා මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත. 
 
මෙම අවස්ථාවටනිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්තමහතා සහනාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල මහතාද එක්ව සිටියහ.
 

නව අදහස දක්වන්න