බලධාරීන්ගේ ඇස නොගැටුණ මාවෙල විහාරය | දිනමිණ

බලධාරීන්ගේ ඇස නොගැටුණ මාවෙල විහාරය

රඹුක්කන උතුර සමුහ විපුල එස් කුමාරතුංග

වළගම්බා රජු විසින් සේනා සංවිධාන කළ ක්‍රි.පු 103 වන සියවසක ඈත අතිතයකට උරුමකම් කියාපාන මාවෙල වලගම්බා රජමහ විහාරස්ථානය කෙරෙහි බලධාරින්ගේ දෑස් යොමුකර මතු පරපුරා ආරක්ෂාකර දෙන්නැයි විහාරාධිකාරි පොලොන්නරුවේ තල්පොත අත්තදස්සි හිමියන් ඉල්ලීමක් කරයි. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල නඟරය පසුකර පහල කඩුගන්නාවේ පැරණි අම්බලමට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පහළට ගල්පඩි 240ක් බැස ගිය පසු ඝණ්ඨාර කුළුණ සහිත පිවිසුමෙන් විහාර බිමට ඇතුල්වු පසු කටාරම් සහිත ගල්ලෙනතුල දාගැබ දක්නට ලැබෙන අතර,පෞරාණිකබව වදහා පාන වසර 200ක් පමණ පැරනි බෝධින් වහන්සේ වැඩ සිටින අතර,දෙවන ගල්ලෙනෙහි මහනුවර යුගයේ බිතුසිතුවම් සහිත කටාරම් ලෙන තුල දහ අට රියන් වු සැතපෙන බුද්ධ පුතිමාව දක්නට ලැබේ.මෙම ප්‍රතිමාවේ පපු පෙදෙස සහ සිරස්පත නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්වු බවට තොරතුරු දැක්වේ.

කටාරම් කෙටු ගල්ලෙන් ත්‍රීත්වයකින් සමන්විත මෙම පුදබිමේ අනෙක් ගල්ලෙන සංඝාවාසය ලෙස භාවිත කරනු ලබයි.කුඩා කාමර කිපයකින් සමන්විත සංඝාවාසතුල වත්මන් විහාරාධිකාරි හිමියන වැඩසිට මෙම පුද බිම ආරක්ෂා කිරිමට වෙරවිරිය දරන අයුරු එහිගිය අප වෙත දැකගැනීමට ලැබිණි.මෙම ගල්ලෙන වලගම්බා රජතුමා සැඟව සිට සේනා සංවිධාන කටයුතු සිදුකළ ස්ථානයක් බවටද තොරතුරු වාර්තාවේ.

මෙම පුදබිම පිලිබදව විහාරාධිකාරි පොළොන්නරුවේ තල්පොත අත්තදස්සි හිමියන් මෙසේ කීය.

මෙම විහාරස්ථානය වළගම්බා රාජ්‍ය සමයපුරා දිවයන පෞරාණික සිද්ධස්ථානයක්.වර්තමානයේ ලංකාතිලක විහාරයේ නායක හිමිපාණන් වහන්සේගේ බාරකාරත්වය යටතේ පවතින එකක්.මම මේ ස්ථානයට ඇවිත් මාසයක් පමණ වෙනවා.මම එනවිට වල්වැදී කැලෑවෙලා තිබුණු ස්ථානයක්.හැටපස් අමුණක් තිබේන පන්සලක් වුවත් මම එනවිට ඉතාම සුළු දායකයින් පිරිසක් තමයි හිටියේ.මම ඇවි මේ විහාරස්ථානයට අයත් ගම් කීපයක ඇවිදලා දායක පිරිස 200ක් විතර එකතු කරගත්තා මගේ අරමුණ මේ පුදබිම බැතිමතුන් උදේසා වන්දනා මාන කිරිම සඳහා සංවර්ධනය කිරිමයි.අනෙක මල්වතු මහා විහාරය ආරම්භකර ඇත්තේද මෙම ස්ථානයේ කියලාත් කියනවා.කඩුගන්නාවේ අම්බලමට දෙන ප්‍රසිද්ධියවත් මේ රජමහ විහාරයට ලැබෙන්නේ නෑ.ඒ නිසා මෙහි ඇති චෛත්‍ය සහ විශාල පිලිමය නිදන් හොරුන් විසින් හාරලා තියෙනවා.මේ ස්ථාන තවදුරටත් ආරක්ෂා කිරිම සඳහා බලධාරින්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කරනවා.

නව අදහස දක්වන්න