රේගු අධ්‍යක්ෂ ජනරාල් පත් කළේ කැබිනට් තීරණයක් අනුවයි | දිනමිණ

රේගු අධ්‍යක්ෂ ජනරාල් පත් කළේ කැබිනට් තීරණයක් අනුවයි

රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා විශ්‍රාමික නාවික නිලධාරියකු පත්කිරීමට ගත් තීරණය හිතුවක්කාරී තීරණයක් නොවන බවත් එම තීරණය කැබිනට් තීරණයක් බවත් සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) ප්‍රකාශ කළේය.

හිතුවක්කාරී තීරණයක් ලෙස එම තීරණය හදුන්වා දීමට උත්සාහ දැරීම අනුමත නොකරන බවත් එම තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීන්දුවක් බවත් සභානායකවරයා සඳහන් කළේය. රේගු දෙපාර්තමේන්තුව සඳහා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු පත්කිරීමට ගත් තීරණය හිතුවක්කාරි තීරණයක් නම් කැබිනට් මණ්ඩලය ගන්නා සෑම තීන්දුවක්ම හිතුවක්කාරී තීරණ විය යුතු බව ද සභානායකවරයා සඳහන් කළේය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ රේගු දෙපාර්තමේන්තුවේ අර්බුදය සම්බන්ධයෙන් 27/2 යටතේ මතුකළ විශේෂ ප්‍රකාශයෙන් පසුවය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මතුකරන ලද ප්‍රශ්නය‍ට විෂය භාර ඇමැති මංගල සමරවීර මහතා අද (06) දිනයේ දී පිළිතුරක් ලබා දෙනු ඇතැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.


නව අදහස දක්වන්න