ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක | දිනමිණ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාප්වහන්සේ නමක් අරාබි අර්ධද්වීපයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය බවයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි අවස්ථාවේ එරට ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සායිඩ් අල්නායක් පිළිගෙන තිබේ.

උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත දේව මෙහෙය සඳහා එක්ලක්ෂ විසි දහසක පමණ පිරිසක් සහභාගීවනු ඇතැයි බලාපොරොත්තු වේ.


නව අදහස දක්වන්න