අමෙරිකාවේ ශීතල තව තවත් දැඩි වෙයි | දිනමිණ

අමෙරිකාවේ ශීතල තව තවත් දැඩි වෙයි

මධ්‍යම- බටහිර ප්‍රාන්ත ජනතාවට කාලගුණයෙන් අවවාද

* පාසල් පෞද්ගලික ආයතන වෙළඳසල් වැසේ
* හැකි තරම් නිවෙස්වලම ඉන්න
* ගංඟා රැසක අයිස් තට්ටු
* ගුවන් ගමන් 2000ක් අවලංගුයි

අමෙරිකාවේ මධ්‍යම සහ බටහිර ප්‍රාන්තයන් හි ජිවත්වන ජනතාවට හැකි තරම් නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස එරට කාලගුණ අංශ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ආක්ටික් කලාපය හරහා හමා ආ දරුණු සිතල සහිත සුළං ප්‍රවාහයක් හේතුවෙන් ඇති වූ බලපෑම් හේතුවෙන් එරට උෂ්ණත්වය වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙනි.

එකවර ඇති ඇතිවී තිබෙන දරුණු සිතල හේතුවෙන් චිකාගෝ ඇතුළු ප්‍රාන්ත රැසක ජන ජිවිතවලට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තයන් හි උෂ්ණත්වය සෘණ සෙල්සියන් අංශක 30ක් දක්වා පහත වැටී ඇති බව කාලගුණ අංශ නිවේදනය කර සිටී. ඇති වී තිබෙන සිතල හේතුවෙන් අමෙරිකාවේ මිලියන 250ක ජනතාවට බලපෑම් එල්ල වී ඇත.

ඇතැම් ප්‍රාන්තයන් හි පාසල්, පෞද්ගලික ආයතන, වෙළඳසල් පවා වසා දමා ඇති අතර දුම්රිය සේවාවන් පවත්වා ගෙන යාම සඳහා රේල් පිලි මත අයිස් මිදීම අවම කිරීම සඳහා ඉන්ධන යොදා ගනිමින් ගිනි දල්වා ඇති බව වාර්තා වේ. ඊට අමතරව චිකාගෝ ප්‍රාන්තයේ ඇතුළු ප්‍රාන්ත කිහිපයක ගුවන් ගමන් වාර 2000ක් පමණ අවලංගු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඇති වී තිබෙන අධික සිතල හේතුවෙන් චිකාගෝ ගංගාව ඇතුළු විශාල ගංඟා රැසක් අයිස් තට්ටුවලින් මිදී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

නව අදහස දක්වන්න