නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි | දිනමිණ

නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි

නිකවැරටිය, ගොන්නගස්වැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මීගලෑව පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
අදාළ ගිනි අවි නිෂ්පාදනාගාරය තුළ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් නිමවන ලද බෝර 12 මැෂින් එකක්, තුවක්කු බඳ කොටස් දෙකක් සහ ගිනි අවි සෑඳීම සඳහා යොදාගන්නා උපකරණ පොලීසිය භාරයට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරු ගොන්නගස්වැව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු අද(05) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
නිකවැරටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 
 
 
 

නව අදහස දක්වන්න