රට කන දේශපාලනඥයාට සේනා දළඹුවාගෙන්වත් හානියක් නැහැ | දිනමිණ

රට කන දේශපාලනඥයාට සේනා දළඹුවාගෙන්වත් හානියක් නැහැ

සේනා දළඹුවා අහිංසක ගොවීන්ගේ බඩඉරිඟු ටික නෙමෙයි මේ රට කන දේශපාලනඥයන් ටික කාගෙන, කාගෙන ගියා නම් සේනා දළඹුවාත් ජාතික වීරයෙක් වෙනවාÓ යයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා බුලත්සිංහල දී කීවේය.

තරුණ තරුණියන් හා කාන්තාවන් සඳහා පැවති ස්වයංරැකියා හා අත්කම් පුහුණු පාඨමාලාවක් අවසානයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එම අත්කම් භාණ්ඩ ප්‍රදර්ශනය සහ නිර්මාණ ශිල්පිනියන් ඇගයීම නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මෙම පාඨමාලාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රතිපාදන ලබා දී තිබිණි. එම උත්සවය ඇමතූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද කීවේය.

Òඩී. එස්. සේනානායක, බණ්ඩාරනායකලාගෙන් පටන් අරගෙන රනිල්, මහින්ද දක්වා රට කරවන නායකයො හැදුවෙ සේනා දළඹුවාට, ඩෙංගු මදුරුවාට වුණත් දණගස්සන්න පුළුවන් රටක්.

දැන් මේ රට යටත් කරගන්න යුධ ටැංකි, මල්ටි බැරල්, මිසයිල වගේ යුද සේනා අවශ්‍ය නැහැ. පුංචි දළඹුවෙක්, මදුරුවෙක් එව්වත් ඇති.

රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් ගැන දැන් අමුතු බණක් පටන්ගෙන තිබෙනවා. එජාපයේ අවුරුදු 35 ක පාලනයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවුරුදු 33 ක පාලනයයි එපාවෙලා හිටපු මේ රටේ ජනතාවට අවුරුදු තුනක් තිස්සේ මේ දෙගොල්ලන්ගෙම Òපූට්ටුÓ ආණ්ඩුවේ කෙරුවාව බලන්න පුළුවන් වුණා.

පොරොන්දු වූ ආකාරයට ඔය ජාතික ආණ්ඩුවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න බැරි වුණා. අලුත් ඡන්ද ක්‍රමය ගේන්න බැරි වුණා. ජාතිවාදය පරාද කරල ජාතික සමඟිය හදන්න බැරි වුණා. ජාතික ආණ්ඩුවෙන් සිදුවූ එකම දේ ව්‍යවස්ථාවෙන් සීමාකරල තිබුණු ඇමැති තනතුරු ගණන වැඩිකර ගත්තු එකයි.

මේ ආණ්ඩුව සැරසෙන්නෙ ජාතික ආණ්ඩු හිලෙන් රිංගල ගිහිල්ල කැබිනට්, කැබිනට් නොවන හා රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැති ගණන වැඩිකර ගැනීමටයි. ඒ රට හදන්න නෙමෙයි. ඊළඟ ඡන්දෙට මුහුණ දෙන්නයි. වැඩිකරන ඇමැතිකමක් ගානෙ බර පැටවෙන්නෙ ජනතාවටයි. ජනතාවට කොකා පෙන්වල ඇමැති ධුර වැඩිකරගෙන භාණ්ඩාගාරයේ මුදල් ඇමැතිවරු නඩත්තු කරන්න යොදවනවා වෙනුවට අසරණ කම්කරුවන්ගෙ වැටුප් වැඩිකිරීමට ඒ මුදල යොදවන්න කියල රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට කියනවා.

දැන් ජනාධිපතිතුමා රට සවාරි ගහන එක ස්පීඩ් කරලා. යනකොට අරගෙන යන්නෙ විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්වයි.

රාජ්‍ය නායකයා පිටරටවල ගියාම ගිවිසුම් අත්සන් කරන්න වෙනවා. රට රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කරන්න වෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් අරගෙන ගිහිල්ල ගිවිසුම් අත්සන් කරන්න පුළුවන්ද?

මේ ර‍ටේ ආර්ථිකයට ‍ඩොලර් බිලියන 1.5 ක් එකතු කරන්නෙ තේ කර්මාන්තයෙනුයි. තවත් ඩොලර් බිලියන දශම අටක් රබර් කර්මාන්තයෙන් එකතු කරනවා. මේවායේ නිරතවන ලක්ෂ දහයකට වැඩි සිංහල, දෙමළ කම්කරු ජනතාව නිසා ආර්ථිකය මේ මට්ටමින් හෝ රැඳී තිබෙනවා.

මේ විදිහට රටේ ආර්ථිකයට උරදෙන, කරදෙන ජනතාවක් දිනකට රුපියල් 1000 ක් ඉල්ලා සිටීම සාධාරණ නැද්ද? අද කාලෙ රුපියල් දාහකින් මොනව කරන්නද? මේ වතු කම්කරු ජනතාවගෙ ජීවිත තියෙන්නෙ ඉතාම ශෝචනීය අඩියකයි. සමහර ලැයින් කාමරවල වැසිකිළි පහසුකම්වත් නැහැ. බොන්න වතුර ටික නැහැ. දරුවන්ට හරිහමන් පාසලක් නැහැ. ලෙඩකට බේත් ගන්න වතු රෝහලක්, ‍ඩිස්පැන්සරියක් නැහැ. ඒ ලයින් කාමරවලට යන්න පාරක් තොටක් නැහැ. ඔවුන් ඉන්නෙ අපායක. ඒ ජනතාවගේ ශ්‍රමයෙන් ලාභ උපයන වතු හාම්පුතාලත් කම්කරුවන්ගේ මුට්ට කාසිවලින් ජීවත්වන වතු වෘත්තීය සමිති නායකයොයි ඉන්නෙ දිව්‍යලෝකවලයි. වතු කම්කරු දුක තොණ්ඩමන්ලට පේන්නෙ නැහැ. වතු කම්කරුවො අවුරුද්දකට වියදම් කරන සල්ලි තොණ්ඩමන්ල එක දවසකට බොන්න වියදම් කරනවා. එහෙම සුර සැප විඳිනගමන් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 630 ක් ඇති කියල හාම්පුත්තු සමඟ එකඟ වෙනවා. රුපියල් 1000 ක් දෙන්න බෑ කියල වතු හාම්පුතාලා කියනව නම් ඒගොල්ල දෙන ගාන අරගෙන ඉතිරි ටික ආණ්ඩුව ලබාදිය යුතුයි. හාම්පුතාලගෙ ගාන දිනකට රුපියල් 750 නම් ඉතිරි 250 ආණ්ඩුවෙන් දාල රුපියල් 1000 ක් ලබාදිය යුතුයි.

මීගහතැන්න සමූහ


නව අදහස දක්වන්න