රු.1000ක වැටුපක් දිය නොහැකිනම් කරුණාකර සියලු වතු රජයට දෙන්න | දිනමිණ

රු.1000ක වැටුපක් දිය නොහැකිනම් කරුණාකර සියලු වතු රජයට දෙන්න

රු.1000 ක වැටුපක් ලබා දිය නොහැකිනම් කරුණාකර සියලු වතු රජයට ලබාදෙන්න යැයි පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ඇමැතිවරයා මෙම අදහස් පලකළේ ගම්පොල නගර සභාවේ සභා ගර්භය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙහිදි පැමිණ සිටි ජනතාව ඇමතූ ඇමැතිවරයා

අපි බලාපොරොත්තුවෙනවා ඉදිරියට ඔබ සැම සමඟ අත්වැල් බැදගෙන අපි කරගෙන ආපු සේවය ඉස්සරහට කරගෙන යන්න .විශාල ද්‍රවිඩ ජනතාවක් අද අපි එක්ක එකතුවෙලා ඉන්නවා .අද වතු කම්කරුවන් ගේ විශාල ප්‍රශ්නයක් තමයි රු . 1000 ක වැටුපක් ලබා නොදීම .ඔවුන් විරෝධතා ආරම්භ කරලා හඩනඟා කියන්නේ ඔවුන්ගේ වැටුප රු .1000ක් දක්වා වැඩි කරලා දෙන්න කියලයි .මගේ මතයත් රු .1000ක වැටුපක් වතු කම්කරුවන් හට ලබා දිය යුතුයි .මම වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ලෙස දෙවතාවක් මේ රජයේ සේවය කලා .වතු සමාගම් කරුවන් කරන්නේ බොරුවක් ඔවුන් වතු කම්කරුවන්ගෙන් උපරිම ශ්‍රමය අරගෙන වැඩි ලාභයක් හිමිකරගන්නවා .එයාලා කවදාවත් ඇත්ත ගිණුම් පෙන්වන්නේ නෑ .ඔවුන් කරන්නේ තනිකර බොරුවක් මම සියලුම වතු සමාගම් කරුවන්ට අභියෝග කරනවා රු .1000ක් දක්වා වතු කම්කරුවන් වෙනුවෙන් ලබාදිය නොහැකිනම් කරුණාකර ආපසු සියලුම වතු රජයට ලබාදෙන්න කියලා .වතු කම්කරුවන්ට සොච්චම් මුදලක් දෙන්නයි සෑම වතු සමාගම්කරුවන්ගේ අරමුණ වෙලා තියෙන්නේ ,අපේ රජය ඉන්නේ වතු කම්කරුවන්ගේ පැත්තේ ,සමස්ථ ලංකාවටම අපි කියන්නේ ඒ පණිවිඩයයි .

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා, මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරු දේශපාලන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

නව අදහස දක්වන්න