‘සේනා’ විශේෂ 2ක් හඳුනා ගනී | දිනමිණ

‘සේනා’ විශේෂ 2ක් හඳුනා ගනී

බඩ ඉරිඟු වගාවට මෙන්ම වී වගාවට ද හානි කරන ෆෝල් ආමිවෝම් (Fall armyworm) හෙවත් සේනා දළඹු විශේෂ දෙකක් විද්‍යාත්මකව හඳුනා ගෙන තිබෙන බවත් මේ විශේෂ දෙකෙන් වී වගාවට හානි කරන දළඹු විශේෂය මෙරටට පැමිණ නැතැයි තමන් විශ්වාස කරන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසයි.

මේ දළඹු විශේෂය කුමක්ද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම පිණිස කීඨ විද්‍යාඥයන් කිහිප දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව ද ඒ මහතා කීය.

දැනට මෙරට තුළින් සේනා දළඹුවාගේ හානිය වාර්තාවී තිබෙන්නේ බඩ ඉරිඟු වගාව තුළින් පමණක් බවත් ගෝවා ඇතුළු එළවුළු වගාවට හානි කරන දළඹු විශේෂය මෙය නොවන බවත් වීරකෝන් මහතා පැවැසීය. සේනා දළඹු පාලන කාර්ය සාධක බළකායේ දෙවැනි කමිටු රැස්වීම පෙරේදා (17) ගන්නෝරුව ජාතික කෘෂිකර්ම, තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ දී පැවැති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවැසුවේය.

අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සංචාරක

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න