ඉන්දියාව ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව කක්ෂ ගත කරයි | දිනමිණ

ඉන්දියාව ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව කක්ෂ ගත කරයි

ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව කක්ෂගත කළ බව ඉන්දියාව පවසයි. කිලෝ ග්‍රෑම් 1.26ක් පමණක් වන කලාම්සැට්-වී2 (Kalamsat-V2) චන්ද්‍රිකාව අභ්‍යවකාශ අධ්‍යාපන ආයතනයක සිසුන් විසින් නිපදවා ඇත.ඉන්දියාවේ හිටපු ජනපතිවරයෙකු වූ අබ්දුල් කලාම් මහතාගේ නමින් මේ චන්ද්‍රිකාව නම් කර තිබේ. දින හයකින් නිම කෙරුණු මේ චන්ද්‍රිකාව සඳහා වැයවූ මුදල ඉන්දියානු රුපියල් මිලියන1.2කි.

ඔවුන් පවසන්නේ මේ නිපැයුම මගින් අනාගත පාසල් දරුවන් විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් වීමට පොළඹවනු ඇති බවයි.

ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය ඔවුන්ගේ ශ්‍රිහාරිකොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මේ චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කර ඇත‍ . ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් ගුවන්ගත කළ මේ චන්ද්‍රිකාව රැගෙන ගිය රොකට්ටුව ටොන් 260ක බරකින් යුතු විය.

නව අදහස දක්වන්න