සිංග­ප්පූරු ආද­ර්ශය ! | දිනමිණ

සිංග­ප්පූරු ආද­ර්ශය !

මේ දින­වල ස්විස්ට­ර්ල­න්තයේ දී ලෝක ආර්ථික සමු­ළුව මුළු දෙයි. එහිදී ඇන්තෝ­නියෝ ගුත්රෝස් මහතා දැක් වූ අද­හ­ස­කින් මේ තීරුව ආරම්භ කර­න්නට කැමැ­ත්තෙමු. ගුත්රෝස් මහ­තාගේ ප්‍රකා­ශ­යෙහි හරය ගත­හොත්; ඔහු කියා සිටින්නේ එකි­නෙක රාජ්‍ය­යන් දියු­ණු­වීම සඳහා තනි - තනි උත්සා­හ­යන් ගැනීම යල්පැ­න­ගිය ක්‍රම­යකි. සංව­ර්ධ­නය සඳහා අන්ත­ර්ජා­තික සහ­යෝ­ගය අවශ්‍ය වෙයි. පළ­මුව අස­ල්වැසි රට­වල් සමඟ ද, දෙව­නුව කලා­පීය රට­වල් සමඟ ද, තෙව­නුව ජාත්‍ය­න්ත­රය සමඟ ද සහ­යෝ­ග­යෙන් ක්‍රියා­කළ යුතුය. හුදෙ­කලා සංව­ර්ධන උපා­ය­මා­ර්ග­ව­ලට අද වන­විට ඉල්ලු­මක් නැත. ශ්‍රී ලංකාව මේ සම්බ­න්ධ­යෙන් සැලැ­කිය යුතු ප්‍රග­ති­යක් ලබා ඇත. අපේ ජනා­ධි­ප­ති­ව­රයා මේ දින­වල සිංග­ප්පූ­රුවේ නිල සංචා­ර­යක නිරත වෙයි.

ඉහත සමු­ළු­වේදී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගා­වේන් මහතා දැක් වූ අද­හ­සක් ද මෙහිලා දැක්වීම වැද­ගත් ය. ඔහුට අනුව ලෝකයේ වාර්ෂික ආර්ථික වෘද්ධිය 3.1%කි. මෙය තව­දු­ර­ටත් වර්ධ­නය කර­ගත යුතුව පැවැ­තිය ද එකි­නෙක රාජ්‍ය­යන් අතර පවත්නා ‍දේශපා­ල­නික ගැටලු හේතු­වෙන් ආර්ථික වෘද්ධිය පහළ බැස තිබේ. අමෙ­රි­කාව හා චීනය අතර පවත්නා වෙළෙඳ යුද්ධය, සර­ණා­ග­ත­යන්ගේ ගැටලු, විවිධ රට­වල් සඳහා පනවා ඇති ආර්ථික සම්බා­ධක ලෝක ආර්ථික වෘද්ධීය කෙරෙහි බලපා තිබේ. මේවා නිරා­ක­ර­ණ­යට පත්කොට සාමූ­හික ආර්ථික ප්‍රය­ත්න­යක් ක්‍රියා­ත්මක කරන්නේ නම්; ලෝක ආර්ථික වෘද්ධිය මීට වඩා ඉහළ යනු ඇත.

ලෝක මට්ට­මින් පැවැ­ත්වෙන ආර්ථික සමුළු, පාරි­ස­රික සමුළු ආදි­යෙන් මතු­වන වැද­ගත්ම අද­හස වන්නේ සෑම රාජ්‍ය­යක් ම ලෝකයේ සෙසු රට­වල් හා කලාප සමඟ සහ­යෝ­ග­යෙන් වැඩ කිරීම ඉතා කාලෝ­චිත බව ය. වෙනි­සි­යු­ලාව දීර්ඝ කාල­යක සිට කලා­පීය රට­වල් සමඟ හෝ ලෝකයේ බල­වත් රට­වල් සමඟ හෝ සහ­යෝ­ග­යෙන් කට­යුතු කරන බවක් පෙනෙ­න්නට නැත. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස වෙනි­සි­යු­ලාවේ ආර්ථි­කය කඩා වැටී ඇත. මේ වන­විට ලෝකයේ ඉහ­ළම උද්ධ­ම­න­යක් ඇති රාජ්‍යය බවට වෙනි­සි­යු­ලාව පත් වී ඇත. එරට ජන­තා­වට එක වේලක් ආහාර වර්ජ­නය කර­න්නට සිදු වී ඇත. හැබෑ­වට ම එය වර්ජ­න­යක් නොව දුප්ප­ත්කම නිසා ආහාර වේලක් කපා හැරී­මකි.

අප මුලින් ද සඳ­හන් කළ පරිදි 2015න් පසු ශ්‍රී ලංකාව ජාත්‍ය­න්ත­රය සමඟ ඉතා හොඳ අව­බෝ­ධ­ය­කින් කට­යුතු කරයි. ඒ බව ලෝක බැංකුව, ආසි­යානු සංව­ර්ධන බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල වැනි ජගත් ආය­තන දක්වන ප්‍රති­චා­ර­ව­ලින් පැහැ­දිලි වෙයි. සුළු කාල­යක් තුළ දේශ­පා­ලන අර්බු­ද­යක් පැවැ­තිය ද එය විසඳා ගැනී­මට ශ්‍රී ලංකාව සමත් විය. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය හා නීතියේ ආධි­ප­ත්‍යය තහ­වුරු වූ රාජ්‍ය­යක් හැටි­යට ශ්‍රී ලංකාව හඳු­න්වනු ලැබේ. මේ අනුව ලෝකයේ බල­වත් රට­වල් සේම ජගත් ආය­තන සුබ­වාදී දෘෂ්ටි­ය­කින් ශ්‍රී ලංකාව දෙස බලනු දැකිය හැකිය. ජනා­ධි­ප­ති­ව­රයා සිදු කරන සිංග­ප්පූ­රුවේ නිල සංචා­රය හැඳි­න්විය හැක්කේ ද ඉහත සිද්ධි දාමයේ වැද­ගත් පිය­ව­රක් හැටි­යට ය.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සිංග­ප්පූරු චාරි­කාවේ ප්‍රධාන අර­මුණු දෙකක් පවතී. පළ­මු­වන්න ආසියා ෆැසි­පික් පාරි­ස­රික සමු­ළු­වට සහ­භාගී වීමයි. එම සමු­ළුවේ ප්‍රධාන දේශ­නය පැවැ­ත්වීම සඳහා ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට ඇරි­යුම් කර තිබේ. දෙවන්න සිංග­ප්පූ­රුව හා ශ්‍රී ලංකාව අතර පවත්නා ආර්ථික සහ­යෝ­ගී­තාව තව­දු­ර­ටත් පුළුල් කිරීම ය. ලී ක්වාන් යුගයේ පටන් පැවැත එන ආර්ථික හා දේශ­පා­ල­නික සහ­යෝ­ගී­තා­වක් ශ්‍රී ලංකා­වට හා සිංග­ප්පූ­රු­වට තිබේ. මේ සහ­යෝ­ගී­තාව මත අඛ­ණ්ඩව කට­යුතු කර­ගෙන යෑම දෙර­ටේම අපේ­ක්ෂාව වෙයි. සිංග­ප්පූ­රුව සැල­කෙන්නේ ලෝකයේ දියු­ණුම ආර්ථි­ක­යක් සහිත රාජ්‍ය­යක් හැටි­යට ය. අපට සිංග­ප්පූ­රු­වෙන් ලබා­ගත හැකි ආදර්ශ බොහෝය. සිංග­ප්පූ­රු­වට මූල්‍ය­මය වශ­යෙන් ශ්‍රී ලංකා­වට ආධාර සැප­යීමේ හැකි­යා­වක්ද තිබේ.

ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට ආසියා ෆැසි­පික් පාරි­ස­රික සමු­ළුවේ ප්‍රධාන දේශ­න­යක් පැවැ­ත්වී­මට ආරා­ධනා කිරීම ශ්‍රී ලංකාව ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක් සේ සැලැ­කිය හැකිය. එලෙස ම එය අපට කරන ලද ගෞර­ව­යක් ද වන්නේ ය. ලෝකයේ පවත්නා ප්‍රධාන අර්බු­ද­යක් ලෙස පාරි­ස­රික විනා­ශය හැඳි­න්විය හැකිය. මිහි­ත­ලය උණු­සුම් වීම, ධ්‍රැව ප්‍රදේ­ශ­වල ග්ලැසි­යර් දියවී සාග­ර­යට එකතු වීම, ස්වාභා­වික විපත් ඉහළ යෑම, ජෛව විවි­ධ­ත්ව­යට බාධා එල්ල­වීම වැනි පාරි­ස­රික ගැටලු සම්බ­න්ධ­යෙන් ලෝකයේ දැඩි අව­ධා­නය යොමු වී ඇත. ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පරි­ස­රය පිළි­බඳ බල­වත් උන­න්දු­වක් දක්වන නාය­ක­යකු බැවින් ඔහුගේ දේශ­නය කෙරෙහි ලෝක අව­ධා­නය යොමු වී ඇත.

ජනා­ධි­ප­ති­ව­රයා සිංග­ප්පූ­රු­වේදී පෙරේදා කළ සාක­ච්ඡා­ව­ලදී හෙළි­ද­රව් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවා­රණ වැඩ­ස­ට­හ­නට පූර්ණ සහ­යෝ­ගය ලබා­දී­මට සිංග­ප්පූ­රුව එකඟ වී ඇති බවය. සිංග­ප්පූ­රුව මේ සඳහා භාවිත කරන නූතන තාක්ෂ­ණය හා නවීන ක්‍රම­වේද ශ්‍රී ලංකා­වට හඳු­න්වා­දී­මට නිය­මි­තය. ඊට අදාළ විම­ර්ශන කට­යුතු සිදු කිරීම සඳහා සිංග­ප්පූ­රුවේ නිල­ධාරී කණ්ඩා­ය­මක් කොළ­ඹට පැමි­ණී­ම­ටද නිය­මි­තය. මත් ද්‍රව්‍ය ජාවා­රම මේ කලා­පයේ ප්‍රධාන ගැට­ලු­වකි. ශ්‍රී ලංකාව ඊට ගොදුරු වී ඇත්තේ කලා­පය තුළ මත්ද්‍රව්‍ය හුව­මාරු කෙරෙන මධ්‍ය­ස්ථා­න­යක් හැටි­ය­ටය. මෙය වළක්වා ගත­හොත් සමා­ජ­මය වශ­යෙන් සිදු­වන විනාශ ගණ­නා­වක් නවත්වා ගත හැකිය.

ජනා­ධි­ප­ති­ව­රයා සිංග­ප්පූරු රජය සමඟ ආර්ථික ගිවි­සුම් කිහි­ප­ය­කට අස්සන් තැබී­මට නිය­මිත බවද දැක්වේ. එය ඉතා වැද­ගත්ය. සේවා ආර්ථි­කය අතින් ලෝකයේ ඉහ­ළම ආදා­ය­මක් ලබන රටක් හැටි­යට සිංග­ප්පූ­රුව හැඳි­න්විය හැකිය. ශ්‍රී ලංකා­වට නිෂ්පා­දන ආර්ථි­ක­යක් මෙන් ම සේවා ආර්ථි­ක­යක්ද පවතී. එහෙත් අපේ සේවා ආර්ථි­කය ප්‍රමා­ණ­වත් දියු­ණු­වක් ලබා නැත. ලෝක ආර්ථි­කයේ නව ප්‍රව­ණතා අනුව නිෂ්පා­දන ආර්ථි­ක­ය­කින් පම­ණක් ශ්‍රී ලංකාව වැනි රාජ්‍ය­ය­කට දියු­ණු­වීම අප­හ­සුය. රැකියා සැප­යීම අප­හ­සුය. ඉහළ ආදා­යම් ලැබී­මද අප­හ­සුය. එබැ­වින් අප සේවා ආර්ථි­ක­යක් කෙරෙ­හිද යොමු­විය යුතුය යන්න ආර්ථික විශේ­ෂ­ඥ­යන්ගේ මතය වෙයි. ඒ සඳහා සහ­යෝ­ගය ලබා ගත හැකි හොඳම රටක් ලෙස සිංග­ප්පූ­රුව හැඳි­න්විය හැකිය.

ශීඝ්‍ර ආර්ථික වර්ධ­න­යක් අපේක්ෂා කරන රට­වල් ලෝක ආර්ථි­කයේ නව ප්‍රව­ණතා හඳු­නා­ගෙන; විවිධ රට­වල් සමඟ සහ­යෝ­ග­යෙන් ක්‍රියා­කළ යුතුය.

 


නව අදහස දක්වන්න