තුනට නැවිය හැකි ස්මාර්ට් ජංගම දුරකතනය | දිනමිණ

තුනට නැවිය හැකි ස්මාර්ට් ජංගම දුරකතනය

කොටස් දෙකකින් දිග හැරීමෙන් බැබ්ලට් පරිගණයක් බවට පරිවර්තනය කර ගත හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක් Xiaomi සමාගම විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.

ෂාඕමී (Xiaomi) චීන සමාගම සිය නවතම නිෂ්පාදනය පිළිබඳව වෙයිබෝ (Weibo) සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පළ කර තිබිණි.

එමගින් ඔවුන් පළ කර තිබුණේ, "දෙවරක් නැවිය හැකි" දුරකතනයක් වෙළෙඳපොළට ඉදිරිපත් කරන අතර ඊට නමක් යෝජනා කිරීම සඳහා ජනතාවට ආරාධනා කරන බවය.

සැම්සුන් සහ රෝයෝලේ යන සමාගම් මීට පෙර නැවිය හැකි දුරකතන වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

එහෙත්, එම දුරකතන එක් ස්ථානයකින් පමණක් නැවිය හැකි ඒවා විය.

"ෂාඕමී සමාගම තුනට නැවිය හැකි දුරකතනයක් නිපදවීම බොහොම සිත් ඇදගන්නා කරුණක්," CCS Insight නමැති වෙළෙඳපොළ විශ්ලේෂණ ආයතනයේ උපදේශක බෙන් වුඩ් පැවසීය.

වෙයිබෝහි පළ කර ඇති වීඩියෝව මිලියන 3.5 ට අධික වාරයක් නරඹා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දහස් ගණනක් පළ වී තිබේ.

IBM Simon: ටච් ස්ක්‍රීන් පහසුකම සැලසූ පළමු ජංගම දුරකතනය - එහෙත්, එහි බැටරියේ ආයු කාලය පැයක් පමණක් විය.

Siemens S10: වර්ණ තිරයක් සහිත පළමු දුරකතනය - රතු, කොළ, නිල් සහ සුදු වර්ණ පමණක් දර්ශනය විය.

LG Prada: ඇඟිලි තුඩුවලින් පාලනය කළ හැකි ටච් ස්ක්‍රීන් පහසුකම සහිත පළමු දරකතනය.

iPhone: 'මල්ටි ටච්' ක්‍රමය භාවිත කරමින් Apple සමාගම නිපදවූ ජංගම දුරකතනය.

Nokia N85: OLED (organic light-emitting diode) තාක්ෂණය භාවිත කරමින් නිපදවූ පළමු ජංගම දුරකතනය. එමගින් තිරයේ වඩා පැහැදිලි රූප දිස්විය.

Samsung Galaxy Note: අඟල් 5කට වැඩි තිරයක් සහිත පළමු දුරකතනය විය. ප්‍රමාණයෙන් විශාල තිර සහිත දුරකතනවලට ඉල්ලුමක් පවතින බව මෙම දුරකතනයෙන් පැහැදිලි විය.

LG G Flex: කවාකාර හැඩයකින් යුත් පළමු ජංගම දුරකතනය. නැවිය හැකි දුරකතන නිපදවීමට යොමු වූයේ, මෙම දුරකතනයෙන් පසුවය.

Sharp Aquos Crystal: දාරවලින් තොර (edgeless) පළමු දුරකතනය.

Samsung Galaxy Note Edge: ටච් ස්ක්‍රීන් පහසුකමට අමතරව එහි ඇප් දැක්වීම සඳහා තවත් අමතර කොටසක් සහිතව සැම්සුන් සමාගම නිපදවූ පළමු දුරකතනය.

Sony Xperia Z5 Premium: 4K තිරයක් සහිතව නිපදවූ ස්මාර්ට් ජංගම දුරකතනය.

Royole FlexPai: කැලිෆෝනියාවේ පිහිටි රෝයෝල් සමාගම පසුගිය වසරේදී ලොව මවිත කරමින් පළමු නැවිය හැකි ජංගම දුරකතනය නිපදවීය.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න