මේ සතිය ඔබට කොහොමද? | දිනමිණ

මේ සතිය ඔබට කොහොමද?

ජනවාරි මස 23 සිට ජනවාරි මස 29 දක්වා

මේෂ
වාසස්ථාන මාරුවීම්

බාල සහෝදරයන් නිසා වියදම් යෙදේ. අසල්වැසියන් හා ගැටලු පැන ගනී. ගිවිසුම් ඇතිකර ගැනීමෙන් වාසිදායක තත්ත්වයක් ඇතිවේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනු ඇත. පාසල් හා වාසස්ථාන මාරුවීම් සිදුවිය හැක. ස්වාධීන වෙළෙඳ ව්‍යාපාරවල ලාභය අධිකවේ. සුඛෝපභෝගී දෑ මෙන්ම යානවාහන මිලට ගත හැක. උරුම හිමිකම් ඔප්පු හෝ ලියකියවිලි මඟින් ලැබේ. ප්‍රේමවන්තයන්ට හිතකර කාලයකි.

වෘෂභ
මුදල් වාසි

ලැබිය යුතු මුදලින් කොටසක් හෝ ලැබිය හැක. සුඛෝපභෝගී දෑට වැඩි වියදමක් දරයි. ප්‍රේමවන්තයින් රහස් ප්‍රේමයට යොමුවිය හැක. දුර ගමන් මෙන්ම විදේශීය ගමන්ද ඇතිවේ. හදිසියේ පාසල් මාරුවීම් හා වාසස්ථාන මාරුවීම් ඇතිවිය හැක. අධ්‍යාපන හා ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් වියදම් අධිකය. දෛනික වැටුප් ලබන්නන්ට වාසිදායකය. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබයි. දියවැඩියා හා සමේ රෝග ආදිය ඇතිවිය හැක.

මිථුන
අධ්‍යාපනයේ ප්‍රගතියක්

හදිසි මුදල් ලැබීම් මෙන්ම වියදම් කිරීම් ද ඇත. තරග විභාගවලින් ජයග්‍රහණය අත්පත්වේ. අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. බහුවිද ආදායම් මාර්ග සොයා යයි. සිනමා, කලා, හෝටල්, ප්‍රවාහන ක්ෂේත්‍ර සඳහා ආයෝජන යොදනු ඇත. පූජ්‍ය පක්ෂයෙන්, ආචාර්යවරුන්ගෙන් උදව් ලබයි. මංගල යෝජනා බහුලවේ.

කටක
නව ව්‍යාපාර

විදෙස් සංචාර යෙදේ. එය උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියහැක. සති අග සිට හදිසි මුදල් ඇත. හවුල් ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. අනවශ්‍ය ගමන් සඳහා මුදල් වියදම් වේ.

කොන්ත්‍රාත් ව්‍යාපාරයේ යෙදෙන්නන්ට නව කොන්ත්‍රාත් ලැබිය හැක. පුවත්පත් හා ග්‍රන්ථ ක්ෂේත්‍රවල නියුතුවූවන්ට ඉස්මතුවීමේ ඉඩකඩ ඇත. ආමාශ හා ස්නායු ආබාධ ගැනද ප්‍රවේශම් විය යුතුය.

සිංහ
මංගල යෝජනා

සති අග වනවිට අදහස් වරින්වර වෙනස්වේ. සුළු වශයෙන් හෝ හදිසි මුදල් වියදම් යෙදේ. පාසල් හා උසස් අධ්‍යාපනවල ප්‍රගතියක් ඇත. ඔප්පු, ලියකියවිලි මාර්ගයෙන් යම් යම් දේ තමන් සතුකර ගැනීමටද මේ කදිම අවස්ථාවකි. නව කොන්ත්‍රාත් ව්‍යාපාරවල ගිවිසුම්වලට අස්සන් කරයි. හදිසි විදේශීය ගමන් සහ දුර ගමන්ද ඇතිවේ. මංගල කාරණාවලට හිතකරය.

කන්‍යා
මුදල් අවශ්‍යතා

තම මිත්‍රයන්ගෙන් හදිසි මුදල් අවශ්‍යතා ඉටුකරගනී. ගිවිසුම් ඇතිකර ගැනීමෙන් වලකින්න. පාසල් අධ්‍යාපනයට හිතකරය.

සති අග සිට උසස් අධ්‍යාපනයට බාධා ඇතිවිය හැක. සෞන්දර්ය ක්ෂේත්‍රයේ නිරතවූවන්ට ඉස්මතුවීමට හොඳ අවස්ථාවකි. බහුවිද ක්ෂේත්‍රවලින් ආදායම් ලැබේ. දියවැඩියාව, සමේ රෝග ඉස්මතුවිය හැක. අක්ෂි දෝෂ ගැනද සැලකිලිමත් විය යුතුය.

තුලා
ප්‍රභූන්ගෙන් උදව්

ගෙවිය යුතු මුදලක් කොටස් වශයෙන් ගෙවීමට සිදුවේ. යානවාහන විකිණීමේ ගනුදෙනුවලට සුබය. හවුල් ව්‍යාපාරිකයන්ට එතරම් හොඳ නැත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියදම් අධිකය. වෘත්තීමය වශයෙන් හදිසි වෙනස්කම් සිදුවිය හැක. ප්‍රභූන්ගෙන් උපකාර ලැබේ. පියාගෙන්ද උදව් ලබාගනී. ළය පීනස, අත් පා උරහිස් රෝග ඇතිවිය හැක.

වෘශ්චික
මුදල් වාසි ලබයි

තම අදහස් ඉටුවෙයි. නුවණ මෙහෙයවා ක්‍රියා කිරීමට පෙළඹෙයි. සුළු වශයෙන් මුදල් වාසි ලැබේ. බහුවිද මූලාශ්‍රවලින් ආදායම් ලැබිය හැක. සුඛෝපභෝගී දෑ සඳහා මුදල් වියදම් කරයි. උසස් අධ්‍යාපනය සුබය. ලැබිය යුතු මුදලින් කොටසක් හෝ කොටස් වශයෙන් ලබයි. පාසල් අධ්‍යාපනයට සාමාන්‍ය මට්ටමින් හොඳය. අත් පා උරහිස් ආබාධ ඇතිවෙයි.

ධනු
වන්දනා ගමන්

පාසල් අධ්‍යාපන කටයුතුවලට හිතකර කාලයකි. හදිසි දුර බැහැර ගමන්, විදේශිය ගමන් යා හැක. ලෙඩදුක් තත්ත්වය ගමනා ගමනය නිසා දැඩි වෙයි. නව කොන්ත්‍රාත් ව්‍යාපාර ලැබිය හැක. වන්දනා ගමන් යැවේ. හදිසි රැකියා මාරුවීම් ඇතිවේ. ලියකියවිලි හා ඔප්පු මාර්ගයෙන් යම් යම් දෑ තමා සතුකර ගනී. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. දියවැඩියාව රෝගය ඉස්මතුවිය හැක.

මකර
පෙම්වතුන්ට සුබයි

වෘත්තීමය ව‍ශයෙන් සුබදායකය. කොන්ත්‍රාත් සඳහා ආයෝජන යොදයි. සෞන්දර්ය කලා ක්ෂේත්‍රවලට කදිම අවස්ථාවකි.

උසස් අධ්‍යාපන කටයුතුවලට සුබවේ. මේ සඳහා විදේශීය ගතවීමට අවස්ථා යෙදේ. ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ජය පෙන්වයි. වෘත්තිය මෙන්ම වෙනත් ගිවිසුම් අස්සන් කිරීමට හොඳ අවස්ථාවකි. පෙම්වතුන්ට සුබ සතියක්. පෙම් සබඳතා එළිවෙයි. නිර්මාණ ශක්තිය ඇති විය හැක.

කුම්භ
විදේශ සංචාර

යාන වාහන මිලදී ගැනීමට හොඳ අවස්ථාවකි. ගෘහස්ථ පහසුකම් ඇතිවෙයි. කොන්ත්‍රාත් ව්‍යාපාරයේ යෙදෙන්නන්ට මහාපරිමාණයේ නව කොන්ත්‍රාත් ලැබිය හැක. තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. හදිසියේවන මංගල කාරණා සාර්ථක විය හැක. දුර බැහැර හා විදේශීය සංචාර ඇතිවෙයි. ගුප්ත විද්‍යා කටයුතු කෙරෙහි යොමුවෙයි. සෙම් රෝග ඇතිවිය හැක.

මීන
පැවිදි ඇසුර

පාසල් සේම උසස් අධ්‍යාපන කටයුතු ද සාර්ථක වේ. මේ සඳහා විදේශගතවීමේ අවස්ථා යෙදේ. යාන වාහන හා අනෙකුත් සුඛෝපභෝගී දෑ වෙනුවෙන් වියදම් ආයෝජන ආදිය කරයි. පැවිදි, ගිහි සහ ප්‍රභූන්ගේ ඇසුරට වැටේ. ගනු ලබන තීරණ වාසියට හේතුවේ. ආමාශ ආබාධ ඇතිවිය හැක.

ජ්‍යෝතීර්වේදී
පානදුරේ රෝහණ වීරරත්න

නව අදහස දක්වන්න