චන්දන ප්‍රසාද් යළි 06වනදා තෙක් රිමාන්ඩ් | දිනමිණ

චන්දන ප්‍රසාද් යළි 06වනදා තෙක් රිමාන්ඩ්

කොටහේන ප්‍රදේශයේ  පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සිද්ධියට අදාළව 10 වන සැකකරු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි  ඇතුලු තිදෙනා ලබන පෙබරවාරි මස 06  වනදා දක්ව යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නියෝග කළේය.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ,ඉඹුලාන ලියනගේ චමින්ද කුමාර හෙවත් අන්නච්චි සහ ඩිලන්ත සේනාරත්න යන සැකකරුවන් තිදෙනා වෙති.
 
සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන වලට අනුව අතුරුදහන් වූ පුද්ගලයන් ලබා දුන් තොරතුරු වලට අනුව සිදු කළ විමර්ශන වලදී අන්ඩච්චි යන අය කප්පම් ලබා ගැනීමට අදාළව අතුරුදහන් වූ පුද්ගලයන් ගේ ඥාතින්දෙදෙනෙකු අසනීප තත්ත්වය හේතුවෙන් හදුනාගැනීමේ පෙරට්ටුව පමා වන බැවින් සැකකරු විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලලෙස රහස් පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුව නඩුව මද වේලාවකට කල් දැමීමට නියම කළ විනිසුරුවරයා ඉන් නැවත නඩුව කැඳවා සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙසට නියෝග කළේය.
 
රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ගත් බව කියන ඉඹුලාන ලියනගේ චමින්ද කුමාර හෙවත් අන්නච්ච යන අයව  අතුරුදහන් වූ ජෝන් රීඩ් යන අයගේ මව සහ ඇන්තනී යන අයගේ බිරිඳ වන සන්සුන් නිහාරා යන අය රුපියල් ලක්ෂ පහක මුදලක් කඩහපොල දී  අන්නච්ච නොහොත් චමින්ද කුමාර යන සැකකරු මෙලෙස හදුනා ගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර එම පෙරට්ටුවට ඉදිරිපත් කිරිම මේ අනුව ඉවුත් කරනු ලැබිය.
 
කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් කප්පම් ලබා ගත් බව කියන දුරකථන සංවාද සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
 
බන්ධනාගාරය විසින් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා  හිටපු  මාධ්‍ය ප්‍රකාශක   ඩී.කේ.පී දසනායක  මහතා ඇතුළු  සැකකාර  නාවික හමුදා  නිලධාරීහු 09  දෙනකු  ඇප මත සිටි.

නව අදහස දක්වන්න