නිදහස් දින උළෙල විශේෂ ආරාධිතයා මාලදිවයින් ජනපති | දිනමිණ

නිදහස් දින උළෙල විශේෂ ආරාධිතයා මාලදිවයින් ජනපති

ජාතික නිදහස් දින 71 වැනි සැමරුම් මහෝත්සවය එළඹෙන පෙබරවාරි 04 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව සැමරීමට කටයුතු සූදානම් කර ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පඵළාත් පාලන අමාත්‍යංශය දැනුම් දෙයි.
 
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වන  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගී වනු ඇත.
 
එසේම මෙවර ජාතික නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මහතා සහභාගී වේ.
 
නර්තන හා වාදන ශිල්පීන් 865දෙනෙකු සහභාගීත්වයෙන් සංස්කෘතික පෙළපාලියකින් ද, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකායේ ආචාර පෙලපාලියකින් ද උළෙල විචිත්‍රවත් වීමට නියමිත ය. 
 
71වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් පෙබරවාරි 01වනදා සිට 07වනදා දක්වා පුරා සතියක කාලයක් සෑම රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට සහ පෙබරවාරි 03 සහ 04 දිනවලදී එම ගොඩනැගිලි විදුලි අලංකාර කිරීමට කටයුතු කරන්නැයි රජය දැනුම් දෙනු ලැබේ. 

නව අදහස දක්වන්න