ජනපති තෙදින නිල සංචාරයක් සදහා සිංගප්පුරුවට | දිනමිණ

ජනපති තෙදින නිල සංචාරයක් සදහා සිංගප්පුරුවට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තෙදින නිල සංචාරයක් සදහා අද (23)  සිංගප්පුරුවට පැමිණිමට නියමිත බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
 
ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද සිට ලබන 25වනදා දක්වා සිංගප්පුරුවේ සංචාරය කෙරනු ඇත.
 
සිංගප්පුරුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය විසින් සංවිධාන කරනු ලබන ආසියා පැසිෆික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවේ ආරම්භක දේශනය පැවැත්විම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක් විමට නියමිත ය.
 
මෙම සංචාරය අතර වාරයේදි සිංගප්පුරුවේ ජනාධිපති හලීමා යාකොබ් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විමට නියමිත බවත් අගමැති ලී හේසිං ලුංග් අතර හමුවක්ද සිදුවිමට නියමිත බවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

නව අදහස දක්වන්න