දෘශ්‍යාබාධිත දරු දෙදෙනාට ජනපතිගෙන් සර්පිනාවක් | දිනමිණ

දෘශ්‍යාබාධිත දරු දෙදෙනාට ජනපතිගෙන් සර්පිනාවක්

ජනාධිපතිතුමාගෙන් සර්පිනාවක් ඉල්ලූ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි දෘශ්‍යාබාධිත දැරියක් වූ සංජලී නයනතාරා දැරියගේ සහ ඇයගේ දෘශ්‍යාබාධිත සොහොයුරා වන ගිම්හාන නයනජිත් සිසුවාගේ ඉල්ලීම ඊයේ (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකර දුන්නේය. ජනාධිපති ධුරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් පසුගිය ජනවාරි 12 වනදා ජනාධිපතිතුමාට ආශීර්වාද පතා රුවන්වැල්ල ලෙවන්ගම සදානන්ද පිරිවෙන් විහාරස්ථානයේ පැවති වැඩසටහන සඳහා සහභාගිවීමට යන අතරතුර දී ජනාධිපතිතුමා අසලට පැමිණි මෙම දරුවන් තම අහිංසක ඉල්ලීම ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළේය. එහිදී දරුවන්ට වූ පොරොන්දුව අනුව නව සර්පිනාවක් සහ එම දරුවන්ගේ පවුලේ සුබසාධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීම ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිදු විය. දරුවන්ගේ දෙමාපියන් සමඟ පා.ම. රංජිත් සියඹලාපිටිය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

නව අදහස දක්වන්න