සියනෑපුර සිංහ සමාජයේ සෞඛ්‍ය සේවා කඳවුර | දිනමිණ

සියනෑපුර සිංහ සමාජයේ සෞඛ්‍ය සේවා කඳවුර

සිංහපුර සිංහ සමාජය මඟින් වාර්ෂිකව නොමිලේ පවත්වන සෞඛ්‍ය සේවා කඳවුර මෙවරද (12 වැනිදා) මුළු දවස පුරාම ඕවිටිගම බෝධිරාජ මහා විද්‍යාලයේදී පැවැත්විණි.

දන්ත සායනයක්, රුධිර පරීක්ෂාවක්, ආයුර්වේද වෛද්‍ය සායනයක්, සුවනාරි වෛද්‍ය සායනයක්, ලේ දන්දීමක් හා ඇස් කණ්ණාඩි ප්‍රදානයක් ද මීට ඇතුළත්විණි.

එහිදී ලේ පරිත්‍යාගශීලීන් විසින් ලේ දන් දුන් අයුරුයි මේ.

වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය උදාරී රණතුංග මහත්මියද සියනෑපුර සිංහ සමාජයේ අධ්‍යක්ෂ බැනෙට් ගම්ලත් හා ව්‍යාපෘති සභාපති පාලිත හපුආරච්චි මහත්වරුද මෙහි වෙති.

මල්වාන සමූහ මහානාම විතානගේ

නව අදහස දක්වන්න