මරණ දඬුවම හිමි මත්ද්‍රව්‍ය වැරදිකරුවන් | දිනමිණ

මරණ දඬුවම හිමි මත්ද්‍රව්‍ය වැරදිකරුවන්

මරණීය දණ්ඩනය නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැරදිකරුවන් සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ හා බන්ධනාගාරප්‍රතිසංස්කරණ ඇමැතිනී  තලතා අතුකෝරළ මහත්මිය විසින් ඊයේ (22)ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ කැබ්නට් මණ්ඩලයට සවිස්තරාත්මකව පැහැදිලි කර තිබේ.
 
ඒ අනුව 2018 දෙසැම්බර් මස 31දා ,ජනාධිපතිතුමා සමග කරන ලද සාකච්ඡාවෙන් අනතුරුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්යෙන් මරණ දඩුවම නියම වී ඇති 48 දෙනෙකුගේ ලැයිස්තුවක් ජනාධිපති ලේකම් කාර්යාලයට යවා තිබෙන අතර මෙම 48 දෙනොගෙන් 30 දෙනෙකු සිය දඩුවමට එරෙහිව මේ වන විට ඇපෑල් කර තිබෙන බව ඇමැතිවරිය කැබ්නට් මණ්ඩලයට දැනුම් දී ඇත.
 
)එමෙන්ම, ,මරණ දණ්ඩනය නියම වී ඇති මත්දුව්‍ය  ජාවාරමට සම්බන්ධ වැරදිකරුවන් සදහා මරණ දඩුවම ක්‍රියාත්මක කරන බව  ජනාධිපතිතුමා විසින් සදහන් කළ පසු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ඊට අදාළ නාම ලේඛනය 2018 ජූලි මස 12 දාබන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින ලද බවත්,2018 ජූලි මස 13 බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වු පුද්ගලයින් 18 දෙනෙකුගේ නාම ලේඛණයක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙත එවූ බවද ඇමැතිනිය කැබ්නට් මණ්ඩලයට දන්වා තිබේ.
 
මරණීය දණ්ඩනය නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැරදිකරුවන් බන්ධනාගාරගතව සිටින විටදී එකී ක්‍රියාමාර්ග වලට අඛණ්ඩව සම්බන්ධව සිටින තැනැත්තන් සදහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අදාළ කැබ්නට් අනුමැතිය 2018 ජූලි මස 25 දින ලබා ගන්නා ලද බවත්,මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මරණ දඩුවම නියම වු රැදවියන්ගේ නාම ලේඛණය නීතිපතිතුමාගේ අනුමැතිය සදහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිෙබනබවත් ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය කැබ්නට් මණ්ඩලය දැනුවත් කර ඇත.
 
ඒ අනුව ,නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවන ලද මරණ දඩුවම නියම වු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ලගයින් 18 දෙනාගේ ලේඛනයෙන් පුද්ගලයින් දෙදෙනක් සදහා මරණ දඩුවම දිය හැකි යැයි 2018 ඔක්තෝම්බර් 02 දාඅනුමත කර එවන ලදී .
 
2018 ඔක්තෝම්බර් 02 වන දින මරණ දඩුවම ලබාදිම සදහා නීතිපතිතුමා විසින් අනුමත කරන ලද නාම ලේඛනය තම අනුමැතියෙන් ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් නීති ජයවික්‍රම මහත්මියට2018 ඔක්තෝම්බර් 03  භාර දෙන ලදී.
 
නීතිපති දෙපාර්තමේන්තුව වෙත අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයශය විසින් යවන ලද ලේඛනයෙන් තවත් එක් පුද්ගලයෙකුගේ නමක් මරණ දඩුවම දිය හැකි යැයි 2018 ඔක්තෝම්බර් 10 දින අනුමත කර එවන ලද අතර 2018 නොවැම්බර් මස 27 සහ 2018 දෙසැම්බර් මස 10 දිනයන්හිදි ජනාධිපතිතුමා හා අධිකරණ හා බන්ධනාගාරප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නිලධාරීන් සමග මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු නාම ලේඛණය පිළිබදව සාකච්ඡාවක් කරන ලද බවද ඇමැතිනිය  කැබිනට් මණ්ඩලය දැනුම් දුන්නාය.
 

අදහස් 1ක් ඇත

MAMA loke nathi agamika poth hoyanawa, me marana dandanaya gana theeranayak ganna , baluwaham sithenawa lokayama maradana ewunta meka dena eka papayak naha kiyala! ' '! !panathipatha,,,,,, !

නව අදහස දක්වන්න