මුලිතිව් ක්‍රිකට් ශූරයෝ උදයන් ක්‍රීඩා සමාජයෙන් | දිනමිණ

මුලිතිව් ක්‍රිකට් ශූරයෝ උදයන් ක්‍රීඩා සමාජයෙන්

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රජගුරු මහතාගේ සංකල්පයක් අනුව ජාතින් අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් සංවිධාන කරන ලද අන්තර් ක්‍රීඩා සමාජ සහ යුද හමුදා අන්තර් සේනාංක ක්‍රිකට් තරගාවලිය පසුගියදා මුලතිව් 593 බලසේනා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවත්විණි. මේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය සඳහා සිංහල දමිල හා මුස්ලිම් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා සමාජ 16ක් තරග කළ අතර මෙහි ශූරතාව උදයන් ක්‍රීඩා සමාජ කණ්ඩායම හිමිකරගත් අතර අනුශූරතා ඉලන්තන්ඩ්‍රර් ක්‍රීඩා සමාජ කණ්ඩායමට හිමිවිය.

යුද හමුදා අන්තර් තරගාවලිය සඳහා කණ්ඩායම් පහක් තරග කළ අතර අවසන් තරගය සඳහා 59 හා 64 සේනාංක කණ්ඩායම් සුදුසුකම් ලැබීය.

අනතර් ක්‍රීඩා සමාජ තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා වටිනා ත්‍යාග ලබාදීමද සිදුවූ අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු මහතා ප්‍රධාන එම කලාපයේ සේනංකාධිපතිවරු සහභාගී වූහ. මේ අවස්ථාවට ක්‍රීඩා කණ්ඩායම්, ආරක්ෂක හමුදා සාමාජිකයන්, ක්‍රීඩාලෝලීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න

ඡායාරූප-වවුනියාව උතුර සමූහ

නව අදහස දක්වන්න