ඉන්දුනීසියාවේ භූ කම්පනයක් | දිනමිණ

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ රාබා නගරයට මැග්නිටියුඩ් 6.1 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
මේ හේතුවෙන් මධ්‍යම සුම්බාවා දූපතේ පිහිටි රාබා නගරයට සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නැති නමුත්  කිලෝ මීටර් 31ක් ගැඹුරින් මෙම කම්පනය සිදු වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. 
 
මෙම භූ කම්පනය ඇති වීමට පෙර මැග්නිටියුඩ් 5. 2ක දුබල කම්පනයක් සිදු වී ඇති බව ද ඔවුන් වාර්තා කරයි. 
මේ හේතුවෙන් ජීවිත  හෝ දරුණ තත්ත්වයේ හානි වාර්තා වී නොමැත. 

නව අදහස දක්වන්න