සාම සාධක නිලධාරීන් 10ක් ජිහාඩ් ප්‍රහාරයකින් මරුට | දිනමිණ

සාම සාධක නිලධාරීන් 10ක් ජිහාඩ් ප්‍රහාරයකින් මරුට

උතුරු මාලි ප්‍රදේශයේ සේවා සපයමින් සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක නිලධාරීන් දස දෙනෙකු ජිහාඩ් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වී තිබේ. එක්සත් ජාතීන්ගේ කඳවුරක් වෙත කඩා වැදුණු අවි ගත් කැරලිකරුවන් විසින් මේ ප්‍රහාරය එල්ල කර ඇති අතර තවත් 25 දෙනකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මාලි දේශයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් ආරම්භ වූයේ 2013 වසරේ ඉස්ලාමිය කැරලිකරුවන් එහි සටන් ආරම්භ කිරීමත් සමගය. එක්සත් ජාතීන්ගේ කඳවුර වෙත එල්ල කළ ප්‍රහාරයේ වගකීම අල් කයිඩාහි උතුරු අප්‍රිකානු ශාඛාව සහ මෙග්රෙබ් අල්ඛයිඩා කණ්ඩායම විසින් බාර ගෙන ඇත.

නව අදහස දක්වන්න