මෙරට අත්අඩංගුවේ තිබූ ට්‍රෝලර් යාත්‍රා 09ක් යළි ඉන්දියාවට | දිනමිණ

මෙරට අත්අඩංගුවේ තිබූ ට්‍රෝලර් යාත්‍රා 09ක් යළි ඉන්දියාවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 09 ක් යලි එරටට භාර දීම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරේ.
 
මෙම ට්‍රෝලර් යාත්‍රා කන්කසන්තුරෙයි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ ජැටියෙහි නැංගුරම් ලා තිබුනි.
 
එම ධීවර යාත්‍රා අළුත්වැඩියා කිරීම සඳහා පසුගිය ජනවාරි 17 වන දින ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. ඒ අනුව, එම ට්‍රෝලර් ධීවර යාත්‍රාවන්හි අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව එරට බලා පිටත් විය.
 
එම ට්‍රෝලර් ධීවර යාත්‍රා භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් එක් වූහ.
 
 ඒ අනුව, ඔවුන් පසුගිය 20වනදා සන්ධ්‍යාවේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අමේයා’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.

නව අදහස දක්වන්න