නැන්දාම්මාට දොස්තර බෑනා කණ පැලෙන්න ගහාලා | දිනමිණ

නැන්දාම්මාට දොස්තර බෑනා කණ පැලෙන්න ගහාලා

අනුරාධපුර මධ්‍යම විශේෂ

පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් බිරිදගේ මවට රෝහල තුළදී කණ හා හිසට බරපතල තුවාල සිදුවන ලෙස පහරදුන් වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් එප්පාවල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව එප්පාවල පොලිසිය සැකකරු පිළිබදව පරික්ෂන සිදුකරයි.

මෙසේ පහරකෑමට ලක්වි ඇත්තේ එප්පාවල නගර ආසන්නයේ පදිංචිව සිටින 58 හැවරදි විශ්‍රාමික ගුරුවරියක වන අතර ඇය පසුගිය (19දා) එප්පාවල රජයේ රෝහලට දියණියගේ දරුවා සමගින් ගිය අවස්ථාවේ එහි සිටි බෑනා බව කියන වෛද්‍යවරයා විසින් අමානුෂික පහරදීම සිදුකර තිබෙන බව පරික්ෂන සිදුකරන එප්පාවල පොලිසිය අනාවරණය කරගෙන තිබේ.විශ්‍රාමික ගුරුවරියට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් ඇය එප්පාවල පොලිස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

තුවාලකාරීය සිය මිනිබිරිය සමග රෝහලට ගිය අවස්ථාවේ සැකකාර වෛද්‍යවරයා විසින් ඇයට පහරදී තල්ලුකර දමා තිබෙන අතර එහිදි ඇයගේ කන් පෙත්ත ඉරි හිස පුපුරා ගොස් බරපතල තුවාල ලැබීම නිසා වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට ඇතුලත් කර තිබේ.ප්‍රහාරයෙන් පුපුරා ගිය හිසට හා කන් පෙත්තට මැහුම් 15කට අධික ප්‍රමාණයක් දමා තිබෙන බව අනුරාධපුර ශික්ෂන රෝහල් ආරංචි මාර් ග සදහන් කරයි.

විශ්‍රාමික කාන්තාව රෝහලට ගිය අවස්ථාවේ සැකකාර වෛද්‍යවරයා ඇය අල්ලාගෙන පහරදී තල්ලු කරනා අයුරු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් දැක තිබෙන අතර පහරදීමෙන් අනතුරුව සැකකාර වෛද්‍යවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

රජයේ ආයතනයක් වන රෝහලක් තුළට කුඩා දරුවෙකු සමග පැමිණි කාන්තාවකට පෞද්ගලික ගැටළු මුල්කර ගනිමින් පහරදීමට හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් එප්පාවල රජයේ රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයාගෙන් විමසීම සදහා ඊයේ (21දා) මධ්‍යහනයේ දුරකථනයෙන් කථා කළ අවස්ථාවේ ස්ථාන භාර වෛද්‍යවරයා එහි නැති බව රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිවරයා බව කියන නිලධාරියා දුරකථනයට ප්‍රතිචාර දක්වමින් පැවසුවේය.

ස්ථාන භාර වෛද්‍යවරයා එම අවස්ථාවේ රෝහලේ නැති බවත් ඒ මහතා සාකච්ඡාවකට සහභාගීවී සිටින බවත් ඔහු පැවසුවේය.ස්ථානභාර වෛද්‍යවරයාගේ ජංගම දුරකථන අංකය ලබාදෙන ලෙස ඉල්ලු අවස්ථාවේ මදක් ඇමතුමේ රැදී සිටින ලෙස දැන්වූ ඒ මහතා විනාඩි දෙකකින් පමණ පසුව නැවත ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තොරතුරු අවශ්‍ය නම් (22දා) දිනයේ උදෑසන රෝහලේ දුරකථන අංකයට කථාකර ස්ථාන භාර වෛද්‍යවරයා සම්බන්ධකර ගන්නා ලෙස වෛද්‍යවරයා පැවසු බවයි.

පහරදීමට සම්බන්ධ බවට සැකකරන වෛද්‍යවරයා රෝහලේ නැති බව ප්‍රධාන හෙද නිලධාරියාගෙන් සිදුකළ විමසීමකදී වැඩිදුරටත් පැවසුවේය.පහරදීම සිදුකළ බව කියන වෛද්‍යවරයාගෙන් මේ පිළිබදව දුරකථනයෙන් විමසු අවස්ථාවේ ඔහු ජංගම දුරකථනය විසන්දි කළ අතර අවස්ථා කිහිපයක් ඔහු සම්බන්ධකර ගැනීමට ඇමතුම් ලබා ගත්තත් දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.

නව අදහස දක්වන්න