අරවනමුල්ලේ අඩි 11ක කිඹුලා | දිනමිණ

අරවනමුල්ලේ අඩි 11ක කිඹුලා

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - අම්බලන්තොට සමුහ

අම්බලන්තොට බැරගම අරවන මුල්ල ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි දිඟ අඩි 11 ක පමණ හැල කිඹුලෙකු අල්ලා ගැනීමට වනජීවි නිලධාරින් හා ප්‍රදේසවාසිහු කටයුතු කළහ .

පසුගිය 17 වනදා රාත්‍රී 10 ට පමණ මෙම හැල කිඹුලා අසල නිවසක් ආසන්නේ සිටියදී ප්‍රදේශවාසින් එක්ව කිඹුලා අල්ලා ගැට ගසා හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්හට දැනුම් දී තිබේ .

අනතුරුව 18 වනදා හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ කිඹුලා නියමිත පරිදි ගැට ගසා බුන්දල ජාතික උද්‍යානයේ කලපු ප්‍රදේශයට නිදහස් කිරීම සදහා රැගෙන යන ලදී .ප්‍රදේශ වාසින් කියා සිටියේ මිට පෙර මේ අකාරයෙන් කිඹුලෙකු තම ප්‍රදේශයට පැමිණ නොමැති බවයි

නව අදහස දක්වන්න