ගබ්සාවට එරෙහිව වොෂින්ටන්හි දී දැවැන්ත පා ගමනක් | දිනමිණ

ගබ්සාවට එරෙහිව වොෂින්ටන්හි දී දැවැන්ත පා ගමනක්

ගබ්සාවට එරෙහිව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී දැවැන්ත පා ගමනක් පැවැත්වා තිබේ.

එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සා නීතිගත කරමින් දුන් තීන්දුවට විරෝධය පළ කරමින් දහස් ගණන් පිරිසක් සෑම වසරකදීම එම පාගමන සංවිධාන කිරීම සිදු කරයි.

ගබ්සා කිරීමට එරෙහි ක්‍රියාධරයන් පිරිසක් සිය වාර්ෂික පා ගමනට සහභාගිවීම සඳහා වොෂින්ටන් නුවරට ඒකරාශී වී තිබුණි. මාච් ෆෝ ලයිෆ් ලෙස හැඳින්වෙන මෙම පාගමන මෙවර පැවැත්වන්නේ 46වන වරට වන අතර එහි අවසානය සනිටුහන් වුණේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය අසනි.

1973 දී ලබාදුන් ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ඇමරිකාව තුළ ගබ්සාව නීති ගත කරනු ලැබීය. ඒ අනුව ගබ්සාව නීති විරෝධී බවට පත් කළ හැක්කේ අධිකරණ තීන්දුවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පමණි.

අමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සා නීතිගත කරමින් දුන් තීන්දුවට විරෝධය පළ කරමින් දහස් ගණන් පිරිසක් සෑම වසරකදීම පාගමනක් සංවිධානය කරන අතර, එරට වාර්ෂිකව වැඩිම පිරිසක් ඒකරාශී වන අවස්ථාව ද මෙය බව සඳහන්ය.

මේ වසරේ සංවිධාන කර තිබෙන පාගමනට ද දහස් ගණන් ජනතාව එක්ව සිටින අතර, ඔවුන් ගබ්සා විරෝධී සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු සහ බැනර ද ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවල නියැලුණු බවයි වාර්තාවේ. හතළිස් වසරක් පැරණි මෙම ප්‍රතිපත්තිය 1984 දී හඳුන්වා දී ඇත්තේ එවක ජනාධිපති පදවිය හෙබවූ රොනල්ඩ් රේගන්ය.

ඉන් අනතුරුව බලයට පත් වූ සෑම ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපතිවරයකුම එය අවලංගු කළ අතර, රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපතිවරු ඒ සෑම අවස්ථාවකම එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහ.

කෙසේ වෙතත් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ට්‍රම්ප්, යම් සුවිශේෂී හේතුවක් මත කරන ගබ්සා කිරීම් හැර ගබ්සාව තහනම් කිරීමට සහයෝගය දක්වන්නෙක් ලෙස ප්‍රකටය. මේ අතර උප ජනාධිපති මයික් පෙන්ස් ද මෙම රැලිය සඳහා සහභාගී වී සිටින ක්‍රියාධරයෙන් ඇමතීමට නියමිත බවත් වාර්තා වෙයි.

නව අදහස දක්වන්න