වසර ගණනාවක් තිස්සේ කටුමැටි පැලක සිට නිවෙසක සිහින දකින අසරණ දරුපවුලක් නාඋල - බෝගස් බොබැල්ල ප්‍රදේශයේ ජීවත් වෙති. හරිහමන් රැකියාවක් නොමැතිමේ පවුලේ ගෘහමූලිකයා එන්.එම්.ජී. ධර්මසේන (50) මහතාය .ඔහු කියා සිටියේ තමන් එදිනෙදා උපයාගන්නා මුදලින් නිවෙසක් තැනීම හෝ මාසිකව ආහාර සපයා ගැනීම පවා දුෂ්කර වී ඇති බවයි. දැරියන්ගේ මව වන ඒ.ඒ. පත්මා ප්‍රියංගනි (49) රෝගාබාධ රැසකින් පෙළෙන බැවින් ඇයට ද නිසි රැකියාවක් කර ගැනීමට නොහැකිව පසුවෙයි. බෝගස් බොබැල්ල කනිෂ්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක් වූ එන්.එම්.ජී. කසුනි අනුත්තරා සහ වයස අවුරුදු 07ක් වු එන්.එම්.ජී.තරුෂි කෞෂල්‍යා දැරියන් දෙදෙනාත් පවුලේ ආර්ථිකය වෙනුවෙන් ඇගළුම් කම්හලක සේවසේ නියුතු පවුලේ වැඩිමහල් දියණිය එන්.එම්.ජී. තාරකා මදුවන්ති (19) දැරියන් තිදෙනාත් සමඟ ජීවන අරගලයක නිරතවන මේ පවුල දෙස සානුකම්පිතව බලන්නෙකුට අඩක් නිමකර ඇති නිවෙස සදාගැනීමට උපකාර කළ හැකිය.
මේ වන තෙක් රජයෙන් ලබාදෙන කිසිදු දීමනාවකට හිමිකම් නොකියන මේ පවුල නඩත්තු කරන ධර්මසේන මහතා කියා සිටියේ දිනකට ලැබෙන පුංචි මුදලින් සුරාවෙන් සූදුවෙන් තොරව සිය දරු පවුලේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන බවයි. දරුවන්ට හොද අනාගතයක් සදා දෙන්නට නොවිදිනා දුක් විදින ධර්මසේනගේ බලාපොරොත්තුව වී ඇත්තේ කාමර දෙකක් හෝ දරුවන්ට සාදා දීමටය.
වෙනත් පාසල් දරුවන්ට මෙන් ලස්සන ඇදුම් පැලදුම් පොත් පත් මෙන්ම දෙපා හැඩවෙන පාවහන් මේ කුඩා දැරියන්ට නුහුරු දේවල්ය.
නාඋල සමූහ - අයි.ඒ. කුමාර
අදහස් 1ක් ඇත
katumati niwesaka , sihinayak mata athheya!
නව අදහස දක්වන්න