රට ගොඩගන්න යෝජනාවක් | දිනමිණ

රට ගොඩගන්න යෝජනාවක්

පටු වාසි බල තන්හාව නිසාම රටත් ජාතියත්, අදහන ආගම් ද විනාශ වෙමින් පවතී එය අද මෙන්ම හෙට දවස තුළද නොවහලා වෙනබව සක්සුදක් සේ පැහැදිලිය .

ශ්‍රි ලංකාවට බිහිවූ මහාත්මා දේශපාලන නායකයා ඩඩ්ලී සේනානායක මහතා ජනතාවට රිදවන්න අකමැති වූ තැන අගමැති තනතුරෙන් පසුව පක්ෂ නායකත්වයෙන් පවා ඉල්ලා අස් වූ අතර ඔහු මියයන විට රුපියල් 300 ක සුළු මුදලක් බැංකු ගිණුමක තිබුණු බව එකල මුළු රටම දන්නා කරුණකි. ඉන්පසු බලයට පැමිණි බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පවා නිසි ලෙස රට හරි දිසාවට ගෙන ගියාදැයි සැක සහිතය.

ඉන්පසු විධායක ජනාධිපති ක්‍රමය මෙරට ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රට විශාල අගාධයකට ගමන් කළේය. එනිසා දැන් කළ යුතුව තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා කටයුතු කිරීමය. ඒ සඳහා නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුය.

මා යෝජනා කරනු ලබන්නේ නව පාලන ක්‍රමයක් ඇති කරගැනීම තුලින් මුළුමහත් රටටම යහ පාලනයක් ,ජාතී වාදී , ආගම් වාදී ඒකාධීපති පාලනයෙන් තොරව මුළු මහත් රටටම භාග්‍යයමත් රටක් ඇති කරගත හැකි ක්‍රමවේදයකි.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය ,එක්සත් ජාතික පක්ෂය ,ජනතා විමුක්‌ති පෙරමුණ, මුස්ලිම් ,දෙමළ ඇතුළු අනිකුත් දේශපාලන පක්ෂ අවංකව රට ගැන පළමුව සිතා මේ තිරණය ගත යුතුය .

මේ සැම දේශපාලන පක්ෂයකම ඉතා දක්ෂ රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් විශාල පිරිසක් සිටිති. පළමුව දැනට අප රට හඳුන්වන නම වෙනස් විය යුතුය එනම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවට

එක්සත් ශ්‍රී ලංකා ජනරජය "ලෙස නම වෙනස් විය යුතුය.

ඒකාධීපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නාමමාත්‍රික ජනාධිපති ධූරයක් ඇති කළ යුතුය. පාර්ලිමේන්තුවේ අගමැති සහ විපක්ෂ නායක විසින් නම් යෝජනා කර රටේ වැදගත් උගත් දේශපාලන පසුබිමක් ඇති පුද්ගලයෙක් පත් කිරීම කළ යුතුය. එයට හොඳම උදාහරණය විලියම් ගොපල්ලව හිටපු ජනාධිපතිවරයාය

පවතින එකම පක්ෂයේ අය මරාගන්න ,වෛරය ,දුෂණය ඉහවහා ගිය මනාප ක්‍රමය නමැති විෂම ජන්ද ක්‍රමය සුන්නත් දුවිලි කර දමා සැබෑ ප්‍රජාතාන්ත්‍රිවාදී ආසන මට්ටමෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම කළ යුතු අතර රටේ නායකයා බවට අගමැති ධූරය දරන්නා පත්කළ යුතුය.

පාර්ලිමේන්තුවට වගකියන බලය සහිත අග්‍ර­ාමාත්‍යවරයෙක් සහ කැබිනට් ඇමති මන්ඩලයක් එය 15 ක් ගෙන් සහ පළාත් සභා මහඇමතිවරු 9 දෙනා ගෙන් සමන්විතවේ

මේ ඒ සඳහා වූ උදාහරණයකි

1/ අගමැති සහ රාජ්‍ය ආරක්ෂක ඇමති, 2/ මුදල් සහ ක්‍රම සම්පාදන ඇමති, 3 අධ්‍යපන ඇමති, 4/ සෞඛ්‍ය ඇමති, 5/ කෘෂිකර්ම සහ ඉඩම් සහ ඉඩම් සංවර්ධන, 6/ සංස්කෘතික සහ කලා කටයුතු සහ ජනමාධ්‍ය ඇමති, 7/ ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමති, 8/ රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමති, 9/ අධිකරණ ඇමති,10/ කාන්තා කටයුතු සහ ළමා සංවර්ධන ඇමති, 11/රැකියා සහ කම්කරු කටයුතු පිලිබඳ ඇමති, 12 විද්‍යා සහ තාක්ෂණ කටයුතු ඇමති, 13/ විදේශ ආගමන විගමන කටයුතු ඇමති, 14 /ගුවන් වරාය හා මහාමාර්ග ඇමති, 15/ කාර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති

අගමැතිගේ නායකත්වයෙන් මෙම කැබිනට් ඇමතිවරු 15 දෙනා සමග එකට පළාත් සභා මහා ඇමතිවරු 9 දෙනා පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා අතර කැබිනට් හමුව තීරණ එකට කටයුතු කළ යුතුය .මෙමගින් රටට විශාල මුදල් ඉතිරියක් මෙන්ම විධිමත් පාලන රටාවක්ද ඇතිවේ.

සැම වසර තුනකට වරක්ම පාර්ලිමේන්තු මහා මැතිවරණයක් පැවැත් විය යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අස්වූ හොත් /මියගියහොත් ධුරයෙන් පහකළහොත් හෝ අතුරු මැතිවරණයක් පැවතිය යුතුය . වැඩි ආසන නොලබන පක්ෂය විපක්ෂ වන අතර විපක්ෂ නායකයා විකල්ප (ඡායා) අගමැතිය

ඒ ොවගේම පාර්ලිමේන්තුව තුළ (ඡායා) විකල්ප කැබිනට් ඇමති මන්ඩලයක්(15 දෙනෙක් ) ද විපක්ෂයෙන් පත්කළ පළාත් සභා විකල්ප (ඡායා) මහා ඇමති වරු නවදෙනෙක්ද (9) පළාත් සභා (ඡායා) විකල්ප නියෝජ්‍ය ඇමතිවරු ද පත් විය යුතුය .

පාර්ලිමේන්තු මහා මැතිවරණය වසර තුනකට වරක් පැවැත්වීම ඉතාමත් සුදුසුය

(පළමුව රටේ වයස අවුරුදු 18 ඉහළ සැම පුරවැසියෙක්ම අනිවාර්යෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ නීතියක් පැනවීම සුදුසුය)

සැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති මැතිවරණයට පෙර සිය වත්කම් මහජන ප්‍රසිධියට පත් කර චන්දයට ඉදිරිපත් කිරීමට සියලුම පක්ෂවල වගකීම වේ එසේම ඉතා ප්‍රබල නීතියක් ලෙස මැතිවරණ දෙපාර්තුමේන්තුව ක්‍රියා කල යුතුය යන්න මගේ අදහසයි.

සැම මන්ත්‍රීධුරයක්ම ආසන මට්ටමින් වැඩි ජන්දයෙන් ජයගත් ඒ ඒ පක්ෂවල අපේක්ෂකයා පාර්ලිමේන්තුවට තේරි පත්වේ

එක ගොඩනැගිල්ලක අමාත්‍යාංශ කාර්යාල තුනක සේවයේ යෙදිය යුතුය .

සැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම අගමැති ,ඇමැති වරු ඇතුලුව , තම ආසන වල රජයෙන් නඩත්තු වෙන කාර්යාලයක් පිහිටුවා පාර්ලිමේන්තු සැසි වාරයන්ට සහබාගි නොවන අවස්ථාවල තම තම ආසනයේ සිට තම ආසනයේ ජනතාව වෙනුවෙන් සේවයේ යෙදිය යුතුය . මෙම කාර්යාලය තම නිවසේ පවත්වාගෙන යෑම සම්පුර්නයේන්ම තහනම් වන අතර එක් මන්ත්‍රී වරයෙකුට 4 දෙනකු ගෙන් යුත් ඔහුගේ පක්ෂයන් පත් කල එක් සහ රජයේ සිවිල් සේවයේ නිලධාරීන් තිදෙනෙක් ඇතුලත් වන අතර පවුලේ කිසිම කෙනෙකුට කිසිම තනතුරක් මොනම අවස්ථාවකවත් දැරිය නොහැක.

ශ්‍රී ලංකා පොලීසිය මුළු රටටම බලපවත්වන පරිදි පොලිස්පති වරයා යටතේ ක්‍රියාත්මක වෙන අතර සම්පුර්ණයෙන්ම ස්වාධින ආරක්ෂක අමාත්‍යංශයට අයත් දෙපාර්තුමේන්තුවක් වන අතර, පොලිස්පතිවරයා පත්වන්නේ කිසීම දේශ පාලන පත්විමකින් නොවන තනතුරට ඇති සුදුසුකම් අනුවය . පොලිස්පති වරයා විසින් තනතුරට ඇති සුදුසුකම් අනුව සැම පළාත් සභාවකටම ඒ ඒ පළාතට අනුකුලව පොලිස් කොමසාරිස් වරයෙක් පත් කර ඔහු හෝ ඇය යටතේ පොලිස් ස්ථාන පාලනය කල යුතුය. අගමැති ,ඇමැති වරු සහ මන්ත්‍රීවරු කිසීම ආකාරයකින් පොලිසියේ රාජකාරියට අත ගැසීම ඔහු හෝ ඇය ක්ෂණිකව මන්ත්‍රීධුර අහෝසි වෙන සහ දරුණු දඬුවම් ලබන වරදක් ලෙස නම් කළ යුතුව තිබේ.

රට තුළ ඉතාමත් පැහැදිලි නිදහස් මාධ්‍ය ක්‍රමයක් පැවැත්විය යුතු අතර "වන්දිබට්ට මාධ්‍ය කලාව" සම්පුර්ණයෙන්ම දරුණු දඬුම් ලබන වරදක් ලෙස නීති ගත කල යුතුය .

තිස් වසරක් පුරා අප රටේ වරින් වර බලලෝභී දුෂීත දේශපාලකයෝ ජාතීවාදය , මුල් කරගෙන පැවැත්වූ අතිමහත් කෘර යුද්ධ්යෙදී සැබෑ රණ වීරුවන් මියගිය සහ අත්පා දැය වෙනුවන් කැපකළ , අද යුදහමුදා සේවාවලින් විශ්‍රාම ලබා හෝ ඉවත් වූ යූද්ධය වෙනුවෙන් කැප වූ සැම සෙබළෙක්ම රජය දෙඇස් මෙන් සලකා ඉතා ගෞරව පුර්වකව ආර්ථික සහ අනිකුත් සියළු පහසුකම් ලබාදිය යුතුය.

මේ ලෝකයේ ශ්‍රී ලාංකික ජනයා තරම් කාරුණික ,මහත්මා ගුණදම් වලින් සපිරුණු ජාතියක් වෙන කිසිම රටක නැත. එනිසා.වාසියට ,බලයට ආත්මාර්කාමිත්වය පසෙකට ලා "අද මගේ දවස හෙට මගේ රටේ සුබසිද්ධිය සදහා" යන සුබවාදී එක්ව රට ගොඩනගන්න කාලය පැමිණ ඇත .

වර්නන් තිසේරා
ඕස්ට්‍රේලියාව

නව අදහස දක්වන්න