එඩින්බරෝ ආදිපාදිවරයා රිය අනතුරකට ලක්වෙයි | දිනමිණ

එඩින්බරෝ ආදිපාදිවරයා රිය අනතුරකට ලක්වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින ගේ ස්වාමිපුර්ෂයා වන එඩින්බරෝ ආදිපාදිවරයා රිය අනතුරකට මුහුණ පෑ බව බකිංග්හැම් මාලිගය තහවුරු කරයි. 
 
සැන්ඩ්‍රින්හැම් වතුයාය ආසන්නයේ දී 97 හැවිරිදි පිලිප් කුමරු පැදවූ රේන්ජ් රෝවර්  රථය වෙනත් රථයක ගැටී පෙරළී ගොස් ඇත.  
 
එම අනතුරින් ඔහුට හානියක් සිදු වී නැති නමුත් දැඩි කම්පනයට පත් වී ඇති බව වාර්තා වේ. රියෙහි සිටි දෙදෙනෙක්ට සුළු තුවාල සඳහා ප්‍රතිකාර කළ බව නෝෆොර්ක් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. 
 
2017 අගෝස්තු මාසයේදී ප්‍රසිද්ධ ජීවිතයෙන් විශ්‍රාම ගත් ආදිපාදවරයා ගෙවී ගිය නත්තලේ සිට රැජින සමග කාලය ගත කර ඇත්තේ මෙම වතුයායේ ය. 

නව අදහස දක්වන්න