ලොව හුදෙකලා මැඩියාට ‘ජුලියට්‘ කෙනෙක් | දිනමිණ

ලොව හුදෙකලා මැඩියාට ‘ජුලියට්‘ කෙනෙක්

ලොව හුදෙකලා මැඩියා ලෙස සැළකෙන "රෝමියෝ" ට "ජුලියට්" කෙනෙකු ගැනීමට හැකි  වූ බව විද්‍යාඥයෝ පවසති. 
 
බොලීවියාවේ ජල ජීවීන් සඳහා වෙන් වූ තටාකයක වසර 10ක් තිස්සේ හුදෙකලා ජීවිතයක් ගත කරන රෝමියෝට ගැළපෙන සහකාරිය හමු වී ඇත්තේ බොලීවියානු වනාන්තරයකිනි. 
 
දිය ඇල්ලක් ආශ්‍රිතව Sehuencas ජල මැඩියන් පස් දෙනකු හමු වූ තවත් පැටවුන් බෝ කර ගැනීමෙන් පසු ඔවුන් ආපසු වනාන්තරයට මුදා හැරීමට අපේක්ෂා කරන බවත් මීට සම්බන්ධ වූ විද්‍යාඥ කණ්ඩා‍යමේ ප්‍රධානී තෙරේසා කැමචො බදානි පවසයි. 
 
රෝමියෝ බොහෝ සන්සුන් මෙන්ම නිදහස් මැඩියකු වන අතර සෞඛ්‍යසම්පන්න බවත් තෙරේසා අවධාරණය කරයි. 
 
ආහාර ගැනීමට වඩාත් ප්‍රිය කරන රෝමියෝ ලජ්ජාශීලි බවක් පෙන්නුම් කරන බව ද තරමක් මන්දගාමී බව ද, ජුලියට් ජවසම්පන්න මෙන්ම බොහෝ සේ පිහිණන්නියක බව ද නව යුවළ පිළිබඳ අනාවරණය කරමින් විද්‍යාඥ කණ්ඩායම පවසයි. 

නව අදහස දක්වන්න