ලතින් ඇමරිකානු කලාපයේ දරිද්‍රතාව ඉහළට | දිනමිණ

ලතින් ඇමරිකානු කලාපයේ දරිද්‍රතාව ඉහළට

ලතින් ඇමරිකානු කලාපයේ දරිද්‍රතා මට්ටම ඉහළගොස් ඇති බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් ජගත් සංවිධාන ආර්ථික කොමිසම  විශේෂ අධ්‍යනයක් සිදුකර ඇති බව වාර්තා වේ. 
 
චිලි, වෙනිසියුලා, කොළොම්බියා සහ බ‍්‍රසිලය ඇතුළු රටවල් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති අතර මිලියන 184කට වැඩි පිරිසක් දැඩි දිළිදු මට්ටමේ පසුවන බව අධ්‍යන වාර්තා පෙන්වා දෙයි. 
 
එය ජනගහනයෙන් 30.2% ක් වන අතර, 9.9% සිට 2016 වසරේ දී එය 10.2% ක්වා වර්ධනය වූ බවත් සංඛ්‍යාත්මකව නම් එය මිලියන 62ක් බවත් එම වාර්තා වල දැක්වේ. 

නව අදහස දක්වන්න