ෆැෂන් බග් පාරි­භෝ­ගි­ක­යෝ මිරිස්සේ තල්ම­සුන් නරඹති | දිනමිණ

ෆැෂන් බග් පාරි­භෝ­ගි­ක­යෝ මිරිස්සේ තල්ම­සුන් නරඹති

මෙරට ප්‍රමුඛ පෙළ ඇඟළුම් ප්‍රදර්ශනාගාර ජාලයක් වන ෆැෂන් බග් තමන් සමඟ විශ්වාසයෙන් රැඳී සිටින Loyal Reward Card සාමාජිකත්ව කාඩ්පත් හිමි හිතෛෂී පාරිභෝගිකයන් වෙත හරසර දැක්වීමේ අරමුණෙන්, මිරිස්ස මුහුදු තීරයේ තල්මසුන් නැරැඹීමේ චාරිකාවක් පසුගිය දා සංවිධාන කොට තිබිණ.

මිරිස්ස තල්මසුන් නැරැඹීමේ අවස්ථාව සඳහා සුදුසුකම් ලත් 50, 000ක පමණ වූ ෆැෂන් බග් Loyal Reward Card සාමාජිකත්ව කාඩ්පත් හිමි හිතෛෂීන් සංඛ්‍යාව අතරින් අවසාන මහා දිනුම් ඇදීමේදී සිදු කළ කුසපත් ඇදීමකින් ජයග්‍රාහකයන් 40ක් තෝරාගන්නා ලදී. ජයග්‍රාහකයන් අතරෙන් කිහිප දෙනකුට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කිහිප දෙනකු ද ඇතුළත්වන පරිදි සකසා ගත් 60 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකට, පසුගිය දා මිරිස්ස මුහුදු තීරයේ තල්මසුන් නැරැඹීමේ අවස්ථාව හිමිවිය. එහි දී ඔවුන්ට මිරිස්ස මුහුදු තීරයේ පෙර නොවිඳි අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව හිමිවිය. දිවයිනේ නන් දෙසින් පැමිණි ෆැෂන් බග් පාරිභෝගිකයන් හා ඔවුන්ගේ පවුල්වල අයට, ගාල්ල නාවික හමුදා කඳවුරේ සිට මිරිස්ස දක්වා මුහුදේ නිදහසේ සැරිසරන සුවිසල් ක්ෂීරපායී සත්ත්වයන් වන තල්මසුන් හා ඩොල්ෆින් මසුන්ගේ විචිත්‍රත්වය ඉතා හොඳින් දැක බලාගැනීමට හැකිවිය.

නව අදහස දක්වන්න