නත්තල් සැරසිලි සිරුරේ ගැට ගැසී පක්ෂීන් රැසක් මිය ගිහින් | දිනමිණ

නත්තල් සැරසිලි සිරුරේ ගැට ගැසී පක්ෂීන් රැසක් මිය ගිහින්

නත්තල් සැරසිලි බෙල්ලේ හෝ පිහාටුවල ගැට ගැසීමෙන් පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් හා තුවාල ලබා ඇති බව නවසීලන්තයෙන් වාර්තා වේ. මෙසේ අනතුරට පත් පක්ෂීන් ගෙන් වැඩි ප්‍රමාණයක් ගේ කුරුල්ලන් හා පරෙවියන් ය. ආහාර සොයා පියාසර කළ නොහැකි වූ ඔවුන් වැඩි වශයෙන් මිය ගොස් ඇත්තේ හාමතිනි. සමහර පක්ෂීන් ගේ හොට සහ පාද පවා එම සැරසිලි වලින් එතී ඇති බව සඳහන් වේ. කෑමට, බීමට හෝ පියාසර කිරීමට නොහැකි වූ පක්ෂීන් මෙන්ම ගැඹුරු කැපුම් තුවාල නිසා රුධිර සංසරණය අවහිර වූ පක්ෂීන් ද වන අතර ඔවුන් මිය යන තුරු පිළියමක් කිරීමට නොහැකි වීම අවාසනාවක් බවද බලධාරීන් පවසයි.

මේ බව ප්‍රචාරය කිරීමෙන් පසු අනතුරට පත් පක්ෂීන් පිළිබඳ දන්වමින් බොහෝ දුරකතන ඇමතුම් ලැබෙමින් පවතින බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 

අදහස් 1ක් ඇත

PARISARAYA RAKINNE YANA MATHRUKAWATA MATA WAHAMA UTTHARA DENNA ? mama me dinawala parisarayata balapana human behevior eka gana pothak liyanawa , eka french bhasawatada pariwarthanaya wenawa!

නව අදහස දක්වන්න