පැණි බීමට බද්ද යළි හඳුන්වා දීමට යයි | දිනමිණ

පැණි බීමට බද්ද යළි හඳුන්වා දීමට යයි

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තම අමාත්‍යාංශයේ වැඩ අරඹමින් කියා සිටියේ පැණිබීම සඳහා වන සීනි බද්ද (SSBs) නැවත හඳුන්වා දෙන බවයි. එය බෝනොවන රෝග (NCDs), දියවැඩියාව හා හදවත් රෝග (Cardiorascular diseases) වලට ‍එරෙහිව ගෙන යන ක්‍රියාන්විතයක් වන අතර එම රෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉහළ ගොස් ඇති මරණ සංඛ්‍යාව අවම කර ගැනීම මින් අරමුණු කෙරෙයි.

සියලු බෝ නොවන රෝග (NCDs) සඳහා දැනට වැයකෙරෙන සෞඛ්‍ය සුවිසල් වැය ශේෂය රුපියල් බිලියන 91.6 ක වන අතර එය දැනට වැයවන මුළු සෞඛ්‍ය වැය ශේෂයෙන් 35.2 ප්‍රතිශතයක් බව ගණනය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2016 වාර්ෂික වාර්තාවේ සඳහන් පරිදි ශ්‍රී ලංකා රජයේ කැපවීම නිසා 2016 දී සාර්ථක ඵල ප්‍රයෝජන ළඟාකරගත හැකි වූ බව සඳහන් කරයි. තවද ආහාරපාන ක්ෂේත්‍රයේ බලපෑම් මධ්‍යයේ මාර්ග වර්ණ සංඥා, සීනි මිශ්‍ර පැණි රස කෑම හා බීම ලේබලවල සටහන් කිරීම තුළින් කළ අනතුරු ඇඟවීම් ද ඒ වගේම විරෝධතා මධ්‍යයේ දුම්වැටි බද්ද සෑහෙන පමණින් වැඩිකිරීම අගය කිරීමට ලක්විය.

පැණි බීම සඳහා සීනි බද්ද ඉහළ නැංවීම

සෞඛ්‍ය ඇමැති ඉදිරිපත් කළ ක්‍රියාන්විතයට අනුබල දෙමින් සෑම සීනි ග්‍රෑම් 1 කටම රු. 50 බැගින් හෝ ලීටරයකට රු. 12 යන දෙකින් වඩාත් වැඩි මිලක් සීනි මිශ්‍ර පැණි බීම සඳහා අයකිරීම තුළින් ඉන් ජනතාවගේ සෞඛ්‍යයට සිදුවන හානිය හා ඉහළ යන සෞඛ්‍ය වියදමට පිළියමක් ලෙස කැබිනට් අනුමැතිය ලැබුණි. 2018 රජයේ අයවැයට අනුව 2018 නොවැම්බරයේ පටන් එය ක්‍රියාත්මක විය. එනමුත් 2018 දෙසැම්බරයේදී ඇතිවූ රාජ්‍ය බලය හුවමාරුව අතරතුර එම පැණිබීම සඳහා කෙරුණු දඩය 40% කින් අඩු කිරීමට නියෝග ලබාදීමත් සමඟම සීනි ග්‍රෑම් 1 ට බද්ද 30 දක්වා පහළ වැටුණි.

තම අමාත්‍යාංශයේ වැඩ බාරගනිමින් දොස්තර සේනාරත්න කියා සිටියේ, Òමා මෙය ප්‍රතික්ෂේප කරනවා. වැඩිපුරම බාල පරම්පරාව තරබාරුකම, දියවැඩියාව වැනි රෝග තත්ත්වයෙන් බේරාගැනීමට ගත් උත්සාහයට අකුල් හෙළීමක්. දියවැඩියාවෙන් සිදුවෙන මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුව සීනි සහිත පැණි බීමයි. මගේ වගකීම වෙළඳ ව්‍යාපාර ආරක්ෂා කිරීම නොවෙයි. මා කැපවී සිටින්නේ යළිත් පැණිබීම සඳහා සීනි බද්ද ස්ථාපනය කිරීමටයි. රටේ මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙනුයි.Ó

වැඩි සීනි ප්‍රමාණ ආහාරයට ගැනීම වැළැක්වීම

ශ්‍රී ලංකාවේ සියලු මරණවලින් 75% සහ අකල් මරණවලින් 20% පමණ බෝ නොවන රෝග තුළින් සිදුවෙනවා. එය රජය හා පුද්ගලයන් ආර්ථික හා සාමාජීයමය පසුබෑමකට ලක්කරනවා. මෙම බෝනොවන රෝගී තත්ත්වයට පත්වීමට හේතුපාද වන්නේ අධි සීනි ප්‍රමාණයක් හා මේද ආහාරයට ගැනීමෙන් ඇතිවන තරබාරුකම හා බර වැඩිවීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දැනට පාසල් දරු දැරියන්ගෙන් සියයට 5 - 6 පමණ (5% - 6%) නිසි බරට වඩා වැඩිවන අතර ස්ත්‍රී වැඩිමහල් අය අතරින් 1/3 සහ වැඩිමහල් පිරිමින්ගෙන් 1/5 පමණ වැඩි බර හා තරබාරු බවින් පසුවන අතර 10% වර්ග 2 ක දියවැඩියාවෙන් (diabetes melitus) පෙළීම සැළකිය යුතු සෞඛ්‍ය පිරිහීමක්.

අපේ දෛනික ආහාර රටාවේ වැඩි සීනි දාරිතාවක් තිබීම අපේ ආහාර වේලක තත්ත්වය බාල කිරීමට හේතුවෙයි. Global School Health Survey (2017) ලෝක පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය මැන බැලීමේදී ශ්‍රී ලාංකික දරුවන්ගෙන් 26.5 කාබනික පැණි බීම අඩු තරමින් දිනකට වරක්වත් පානය කරන බව සොයාගෙන ඇත. සෑම වසරකම ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සෞඛ්‍යදායී ජීවිත වසරකට 52,000 සත්තකින්ම සොරාගන්නේ ආහාරයට ගන්නා සීනි සහිත පැණි බීමයි. මෙයින් 50% (Cardiovascular) හෘදයාශ්‍රිත රෝග වන අතර ඉන් 45% දියවැඩියාව නිසාය. සීනි සහිත පැණිබීම නිසාවෙන් සිදුවන මරණවලින් 4.6% ම වයස අවු. 20 - 44 වන අතර එයට දියවැඩියාව සෘජුව වගකිවයුතු වේ. අනෙකුත් රටවල් හා සසඳා බැලීමෙනි. ශ්‍රී ලංකාවේ සීනි සහිත පැණි බීමට නතුවන ප්‍රමාණය අඩුවුවත්, සීනි සහිත පැණිබීම ඉහළ යාමේ ප්‍රවණතාව හානිදායක වන අතර වහාම පිළියම් යෙදිය යුතුව ඇත. මෙයට හේතු වන්නේ ජනතාවගේ ද්‍රව්‍ය මිලදී ගැනීමේ ඇති ශක්තිය ඉහළ යාම සහ සීනි සහිත පැණිබීම අලෙවි ප්‍රවර්ධනයේ බලවත්කමයි. එකතු වී මෙම පැණිබීම ආහාරයට ගැනීමේ ප්‍රවණතාවය නැංවීමයි. 2013 දී සිදුකළ පවුලක දළ ආදායම හා වියදම පිළිබඳව කළ පරීක්ෂණයේදී සොයාගනු ලැබුවේ වඩාත් දුප්පත් නගරවාසීන් පවා පලතුරු, කිරි සහ සෞඛ්‍ය සඳහා වැයකරන එකතුවට වඩා වැඩි ප්‍රමාණයක් සීනි සහිත පැණිබීම සඳහා වැයකරන බවයි.

මොනවාද මේ සීනි සහිත පැණිබීම?

සීනි සහිත පැණිබීම ලෙස හඳුන්වන්නේ නොයෙකුත් එකක් පැණිරස ගන්වන සුක්රෝස්, ඉහළ මට්ටමේ ෆ්‍රක්ටෝස්කෝන් සිරප් හා අධි සංයුක්ත (high - Concentrate) පලතුරු යුෂ වර්ගයි. මේවා සමහරක් නම් සෝඩා, පලතුරු බීම, ශක්ති වඩවන බීම (Sports Drinks), අධිශක්ති පැණිරස බීම සහ වැඩිපුර සීනි එක්කළ කෝපි හා තේ මේවාට අයිති වේ. සීනි සහිත බීමවල ඇති කැලරි බර වැඩි වීමට සෘජුව දායක වෙයි. ඉන් ලැබෙන පෝෂණ අගයක් ද නැති තරම් ය.

2015 ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැඩිමහලු අය හා දරුවන් ගතයුතු සීනි ප්‍රමාණයන් හා අගයන් විශ්ලේෂණය කළේ මෙලෙසයි. ආහාරයට ගන්නා මුළු ශක්තිජනක ආහාර අගයෙන් 10% වන අතර දිනකට උපරිම තේ හැඳි 12 ක් පමණයි. මේ මිනුම් ගණනය කිරීමේදී සළකා බලන ලද්දේ වැඩි සීනි භාවිතයෙන් වැඩි බර, පෘථුල බව හා දුර්වල දන්ත සෞඛ්‍ය තත්ත්වයන්ය. වඩාත් සුවදායී සෞඛ්‍යමය පැවැත්මක් සඳහා උපරිමයෙන් සීනි හැඳි 6 කට නොවැඩි භාවිතය වැඩිදුරටත් ඉදිරිපත් කර ඇත.

මූල්‍ය ප්‍රතිපත්තීන්ගේ සුදුසු බව හා වැදගත්කම

පසුගිය දශකය තුළ ලෝකය පිළිගත් හේතු සාධකවලට අනුව ආර්ථික ප්‍රතිපත්තීන් හෝ ජනතාවට ගැළපෙන ක්‍රමවේද ඉදිරිපත් වී ඇත්තේ මේ සීනි සහිත පැණි බීම භාවිතය අවම කිරීම සඳහා බදු හා සම්බාධක පමුණුවීමටයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය හා ප්‍රාදේශීය ක්‍රියාමාර්ගවලට අනුකූලව හා පෝෂණය පිළිබඳ විවිධ රටවල් වෙතින් (බෝ නොවන රෝග පිළිබඳව ගත යුතු) බදු හා සුවදායී පෝෂණ ක්‍රමවේද ඒ ඒ රටවලට සුදුසු ලෙසට ඉදිරිපත් කිරීම හා ක්‍රියාවට යෙදීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.

විද්‍යාත්මක දත්ත හා කරුණුවලට අනුව සීනි සහිත පැණි බීම භාවිතය පසුගිය දශකය තුළ සිදුකළ සෞඛ්‍ය හානිය අති විශාල බව ඔප්පු වී ඇත. මේ සියලු දත්ත දක්වන්නේ අනාගතයේ සෞඛ්‍ය වෙනුවෙන් සිදුවන වැය සුළුපටු නොවන බවත්, පෘථුලතාවය හා වැඩි බර සෘජුවම සීනි සහිත පැණි බීම භාවිතය ඊට හේතු පාදක වන බවත්ය.

ශ්‍රී ලංකාවේදී මේ අරමුණ සාක්ෂාත් කරගැනීමට සීනි බදු අයකිරීම තුළින් හා මිල ඉහළ නැංවීම තුළින් මේ ද්‍රව්‍යයන් මිලදී ගැනීමේ නොහැකියාව තුළින් භාවිතය පාලනය කර අවම කිරීම එහි අරමුණයි. මේ බදු දරුණු ඒවා ලෙසවත් රජයක් මුදල් සෙවීමේ ප්‍රයත්න යෙදීමක් ලෙසවත් නොතැකිය යුතුය. දත්ත සලකා බලන විට පෙනී ගියේ පෝසත් පවුල් ඒකකවලට වඩා වැඩි වශයෙන් සීනි සහිත පැණි බීම භාවිතය කළේ දුගී (නාගරික) පවුල් ඒකක බවයි. මෙහිදී සිදුවූයේ සෞඛ්‍ය පහත වැටීම නිසා සෞඛ්‍ය නඟාසිටුවීමට වැඩි වැයක් දරන්නට ඔවුන්ට සිදුවීමයි. මෙම බදු අයකිරීම ඇත්තෙන්ම නිෂ්පාදකයන්ට අවස්ථාවක් ඇතිකරනවා අඩු සීනි සහිත ආහාරපාන වෙළඳපළට ඉදිරිපත් කිරීමට.

අනෙකුත් ආර්ථික මෙවලම් ලෙස සීනි සහිත පැණි බීම භාවිතය අවම කිරීමට යොදාගැනෙන්නේ ඒ වෙනුවට ගත හැකි සෞඛ්‍ය සුරැකෙන ආදේශක දේවල් වන පලතුරු හා එළවළු වර්ග පාසල්වලට හඳුන්වා දීම, පිරිසිදු පානීය ජලය ලබාදීම සහ සෞඛ්‍යයට හිතකර හැසිරීම් රටා හඳුන්වා දීමයි.

පැණි බීම සඳහා වන සීනි බද්ද:

ගෝලීය අත්දැකීම්

පවතින තරබාරු බව (පෘථුලතාව) සහ පැණි බීම භාවිතය උසස් මට්ටමකින් සිදුවන කල එයට පිළියමක් ලෙස (SSBs) පැණි බීම සඳහා වන සීනි බද්දක් අයකිරීම ඵලදායී බව ලෝකයේ රටවල් 19 ක් අළලා කෙරුණු සමීක්ෂණයකින් පැහැදිලි වෙයි.

වඩාත්ම අවධානය ලබාගන්නේ මධ්‍යම - ආදායම්ලාභී රටක් වන මෙක්සිකෝවේ 2014 දී හඳුනා දුන් සීනි බද්ද වන අතර ඊට හේතු පාදක වූයේ අසාමාන්‍ය ලෙස අධික සීනි සහිත පැණිබීම භාවිතය හා සබැඳි එරටේ පැවතුණු අන්ත රෝගී තත්ත්වයයි. 2013 අගභාගයේදී හඳුන්වා දුන් සීනි බද්ද හේතුවෙන් ඒවා මිලදී ගැනීමේ ප්‍රවණතාව 6% කින් අඩුවීමක් දැකිය හැකි විය. තව වසරකට පසුව 12% ක අඩුවීමක් වාර්තා විය. සියලු සමාජාර්ථික කණ්ඩායම් සීනි සහිත පැණිබීම භාවිතය හා මිලදී ගැනීම අඩු වූ අතර වඩාත්ම දුප්පත් පවුල්වල ඒ භාවිතාව ඉතාමත්ම අඩු බවක් පෙන්වා දුන්හ. අනෙකුත් බදු අය නොකෙරුණු බීම වර්ග 4% කින් ඉල්ලුම ඉහළ ගිය අතර බෝතල් කළ සාමාන්‍ය වතුර භාවිතයේ ප්‍රවණතාවය ද ඉහළ මට්ටමකට නැං‍ඟේය.

සීනි බද්ද ගැන නොමඳ වාද විවාද මතු වූ අතර මහා බ්‍රිතාන්‍යය, අයර්ලන්තය හා දකුණු අප්‍රිකාව 2018 අප්‍රේල් මාසයේදී පැණි බීම නිෂ්පාදනය කළ ක්ෂේත්‍රයට බද්දක් 2018 අප්‍රේල් මාසයේදී පනවනු ලැබූ අතර සීනි බද්දක් 2018 මැයි මාසයේදී ස්ථාපනය කරන ලදී. ද. අප්‍රිකාවේ Òසුව දිවි එකමුතුවÓ (Healthy Living Allowance) විසින් එරටේ සීනි බද්ද 2019 අප්‍රේල් සිට තවත් වැඩි කරන ලෙසට රජයට බලකරමින් ඉල්ලා ඇත. දැනට පවතින 11% සීනි බද්ද වෙනුවට 20% සීනි බදු ඉහළ නැංවීම වඩාත් ඵලදායී වන බව පවසා සිටියි.

චිලී රටේ (ද. අමෙරිකාවේ) පැණි බීම සඳහා වූ සීනි බද්දක් 2014 දී ස්ථාපිත කරන ලදී. Plos Medicine නමැති සඟරාවට අනුව දැනට කෙරුණු සමීක්ෂණයක් අනුව සීනි සහිත පැණි බීම 22% අඩු වී ඇති බවට කරුණු දක්වයි. එහි සම කර්තෘ ක්‍රිස්ටබල් කොඩ්රාඩෝ කියා ඇත්තේ Òඅල්ප වශයෙන් හෝ සීනි භාවිතය අඩු කළ විට රටක ජනතාවක් ලබන සෞඛ්‍යමය ඵලදායීතාව ඉමහත් බවයි. ඇය අමෙරිකාවේ චිලී විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විද්වතියකි.

ශ්‍රී ලංකාවේ සීනි සහිත පැණිබීම භාවිතය හා අලෙවිය

ලෝක සෞඛ්‍ය සංවිධානය 2017 ශ්‍රී ලංකාවේ සීනි සහිත පැණි බීම භාවිතය ගැන කළ සමීක්ෂණයේදී එළිදරව් වූයේ 68% කින් පසුගිය වසර 9 තුළ පුද්ගල භාවිතාව වැඩි වී ඇති බවයි. යෝරෝ මොනිටර් ඉන්ටනැෂනල් සංවිධානය ද සනාථ කළේ රටේ සීනි සහිත පැණි බීම වේෂයෙන් ඉහළ යන බවේ අවදානමයි. ජනතාව වැඩි කාලයක් නිවසින් බැහැරව සිටීම නිසා මෙම අලෙවිය ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකාවේ පුද්ගල දළ නිෂ්පාදනය (CDP) 2009 සිට 2013 දක්වා 6.5% වූ අතර වාර්ෂික දළ වර්ධනය සීනි සහිත පැණිබීම අතින් 7.5% බවත් වාර්තා වෙයි.

යෝරෝ මොනිටර් ඉන්ටර්නැෂනල් 2013 දී අලෙවි වාර්තා දක්වමින් ලීටර් මිලියන 78 කාබනික පානය, (මෙය ධාරිතාව අනුව වඩාත්ම විශාල සීනි සහිත පැණි බීම වෙයි) පලතුරු යුෂ ලීටර් මිලියන 25 ක්ද, ක්ෂණික කෝපි හා තේ ලීටර් මිලියන 2.8 ක් ද වෙයි. කාබනික බීමවල වටිනාකම රු. බිලියන 9.7 ක් විය. ක්ෂණික කෝපි අලෙවියෙහි වටිනාකම රු. බිලියන 5.7 වූ අතර ක්ෂණික තේ අලෙවියෙන් රු. මිලියන 775 ක් ද එම ක්ෂේත්‍රය ලබාගෙන ඇත.

2017 ට සනිටුහන් කර තිබුණ අලෙවි සැලස්මට අනුව කාබනික බීම ලීටර් මිලියන 94 ද, යුෂ වර්ග ලීටර මිලියන 42 ද, ක්ෂණික තේ හා කෝපි ලීටර් මිලියන 2.9 ද, ක්‍රීඩා හා අධිශක්ති පානයන් ලීටර් මිලියන 0.7 ක් ද සැළසුම් කර තිබුණේය. මෙම යෝරෝ මොනිටර් දත්ත ඉතා සැහැල්ලු ඒවා බවට දැක්විය හැක්කේ වැඩිපුරම ක්‍රීඩා හා අධිශක්ති බීම ලීටර් 921,329 මෙරටට 2016 දී ආනයනය කර තිබීමයි. ඔවුන් සඳහන් කළේ එම කාණ්ඩයේ බීම ලීටර් 700,000 අලෙවිය සඳහා යෙදුණු බව පමණයි.

ඉදිරි දැක්ම

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල ශ්‍රී ලංකාව තිරසාරවම ජාත්‍යන්තරය ඉදිරියේ දැක්වෙන්නේ පොදු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලෝක නායකයෙකු ලෙසටයි.

ගිනිකොණදිග ආසියාවේ (Regional Diveider) ජාත්‍යන්තර අධ්‍යක්ෂ ලෝක සෞඛ්‍ය සංවිධානයට 2017 ඉදිරිපත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව විශිෂ්ට කාර්යභාරයක් කර තිබෙනවා. අහිතකර කෑම බීම භාවිතය අඩු කිරීම හා සෞඛ්‍ය හිතකර ආහාර භාවිතයට යොමුකිරීම සිදුකරමින් ශ්‍රී ලංකාවේ 75% මරණ සිදුකරන හෘදයාබාධ, දියවැඩියාව, පෘථුලතාවය වැනි අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් මඟහැරවීමට ගත් වෑයමයි ඒ. දරුවන් කේන්ද්‍ර කරගත් හා නොමඟ යවන දත්ත හා දරුවන් අවභාවිතයට (exploitation) ලක්කරන ප්‍රයත්නයන් අලෙවි හා ප්‍රචාරණ ක්ෂේත්‍ර තුළින් ක්‍රියාත්මක කරන බවත්, එමඟින් ඇල්කොහොල් නොමැති පානයන් හා ආහාර, මේද, ලුණු හා සීනි සහිත ආහාරපාන කෙරෙහි දරුවන් සිත් ඇදගන්නා බවත් හෙළිකර ඇත.

දරුවන් වෙත එල්ල කෙරෙන ප්‍රචාරණ තුළින් දරුවන් වෙත අලෙවි කරන්නට අරමුණු කර අලෙවි ප්‍රවර්ධන ක්‍රියාන්විත හා ප්‍රචාරණ මෙන්ම විශේෂයෙන්ම දරුවන්ට අහිතකර ආහාරපාන පිළිබඳ ජාතික ප්‍රතිපත්තීන් හා එකඟතාවයන් ගොඩනඟා ගැන්මට ජාතික උපදේශක රැස්වීමක් පවත්වා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික පෝෂණ සැලැස්මක්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රාහකත්වයෙන් සකස් කර ඇත. මෙයට අනුව ඇල්කොහොල් රහිත බීම හා ආහාර පෝෂණ පද්ධතීන්ට අනුකූලවන ලෙසින් (සීනි, මේද, ලුණු ප්‍රමාණ හා කැලරි) සහ සෞඛ්‍යයට හිතකර හා හිතකර නොවන ආහාර වෙන්කර හඳුනාගත හැකි ලෙස දැක්විය යුතු බවට පෙන්වා දී ඇත. ඉහත සඳහන් ජාතික පෝෂණ ආකෘතියට අනුව 2017 ඇතිකළ සීනි බද්ද තුළින් සීනි සහිත පැණිබීම ඉල්ලුම අවම වීම ඉතාම වැදගත් ආරම්භයක් ලෙස සඳහන් කළ හැකිය. 2016 දී ඉදිරිපත් කළ සංඥා වර්ණක ආශ්‍රයෙන් සීනි තත්ත්ව හඳුන්වා දෙන ලේබල පැණිබීම වර්ගවලට ඇලවීම 2017 දී කහ වර්ණයෙන් සැදුම්ලත් මධ්‍යම කාණ්ඩයේ සීනි භාවිතා කළ පානයන්ගේ අලෙවිය අඩු කිරීම සඳහා පෝෂණ පද්ධතීන් ද සඳහන් කිරීම ආරම්භ විය. අද වන විට එම පෝෂණ ආකෘතිය මිනුම් ආශ්‍රිත ලේබලයක් නිර්මාණය කරමින් පවතිනවා. ඒ සියලුම පැකට් කළ ආහාර ඇසුරුම් සඳහායි. මෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපකාර ඇතිව සිදුකරන කර්තව්‍යයේදී පාරිභෝගික ජනතාවට සෞඛ්‍යයට හොඳ නොහොඳ ආහාර තෝරා බේරාගැනීමේ මහඟු අවකාශය සැලසෙයි.

"අපට කලාතුරකිනුයි හමුවන්නේ මෙතරම් දක්ෂ, බුද්ධිමත් හා නායකත්වයෙන් හෙබි සෞඛ්‍ය අමාත්‍යවරයෙක්. අපි ස්තූතිවන්ත වෙනවා එවන් අයෙක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියට නායකත්වය තුළින් ගෙන යාම පිළිබඳව" යැයි ගිනිකොණදිග ආසියාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (Resident) අධ්‍යක්ෂක වන පූනම් සිං මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රයටම කෙරෙන පිළිගැනීමක් හා අගය කිරීමක් ලෙස එය හැඳින්විය හැකි අතර තිරසාර කැපවීම හා අත්කරගත් ඉලක්කවලට පැසසුම් ද වෙයි.

පරිවර්තනය-චාමෙන් ප්‍රනාන්දු


නව අදහස දක්වන්න