විදෙස් රටවලට ව්‍යාපාර ලබාදීම රටට විශාල පාඩුවක් | දිනමිණ

විදෙස් රටවලට ව්‍යාපාර ලබාදීම රටට විශාල පාඩුවක්

උදුලා පීරිස්

දේශීය ව්‍යාපාරිකයන් සිටියදී වෙනත් රටවලට ව්‍යාපාර ලබාදීම රටට විශාල පාඩුවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ.

රාජගිරිය සඳහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ පසුගියදා (09) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ. අතුරලියේ රතන හිමියෝ එහිදී මෙසේද කීහ.

ශ්‍රී ලංකාවේ බල ශක්ති ප්‍රශ්නයට උත්තරයක් ලෙස අපි මෙතෙක් කෙලවරපිටිය හා කැලණිතිස්ස විදුලි බලාගාරවලින් ලබාගත් මෙගා වොට් 850ක් වායු ලබාගත්තා. ඒ වෙනුවට රජය මගින් ගෑස් මගින් බලශක්ති ලබාගැනීමට ස්වභාවික වායු ගබඩා නැවක් ගෙන්වා කොළඹ ආසන්නයේ මුහුදු තීරයේ ස්ථාපිත කිරීම කඩිනම්න් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ ව්‍යාපෘතිය ජාතික වශයෙන් රටට විශාල පාඩුවක්.නමුත් මේක මෙහෙයවන නිලධාරින්ට හා දේශපාලනඥයන්ට වාසි සහගත ලෙස සැලසුම් කර ඇති අතර එමගින් ජාතික ආර්ථිකයට විශාල හානිදායක තත්ත්වයක් ඇතිවෙන අතර ණය බර මෙන්ම වහල් බව තවත් වැඩිවීමක් එමගින් බලාපොරොත්තු විය හැකියි. අදාළ නැව වෙත කොරියාවෙන් නිතිපතා ගෑස් ගෙනත් පුරවා අලෙවි කිරීමක් සිදු කෙරෙන අතර නළ ආධාරයෙන් මේ රටට ගෑස් බෙදා හැරීමක්ද සිදු කිරීමට නියමිතය. මෙමගින් ගැටලු ගණනාවක් ගොඩ නැගෙනු ඇත.

ජනාධිපතිවරයා බලයට පත්වීමේදී තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පරිදි මෙරට බලශක්ති අර්බුදයට කිසිදු විසඳුමක් මේ වනවිටත් ලබාදී නැහැ. අදාළ වායු නැව කැබිනට්ටුවේ අනුමත වුණාද කියලත් අපට ප්‍රශ්නයක්? එහෙම තිබියදී විදුලිබල මණ්ඩලය ජනවාරි ටෙන්ඩර් ඉදිරිපත් කර තියනවා යටිතල පහසුකම් වෙනුවෙන් මුලින් ඉල්ලූ කෙනාට වාසි සහගත ස්වින්චාලීන් පනතක් සම්බන්ධව. මේක ටෙන්ඩර් ප්‍රතිපත්ති නැති කරන නීති විරෝධී පනතක්. ගෑස් සැපයීම සමස්තයක් ගත්විට මේක බිස්නස් එකක් වගෙයි. හරියට සෙඩ්වලින් තෙල් විකුණනවා වගෙයි. ලාභදායී රටවල් තිබියදී ඇයි අපි කොරියාවෙන්ම ගෑස් ගන්නේ.මේ ටෙන්ඩර් පටිපාටිය ජනවාරි 31 අනුමත කළ යුතුබව නියම වුවත් අපි එය කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ ටෙන්ඩර් පටිපාටිය නීත්‍යානුකූලව සිදු කරන්නයැයි අපි විදුලිබල මණ්ඩල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.මේ නැවේ ආයු කාලය අවුරුදු 20යි. නමුත් මේ නැවේ ආයු කාලය අවුරුදු 40ක්විය යුතුයි.දැන් ලෝකයේ බොරතෙල් පාවිච්චිය අඩුයි. ඒ නිසා දැන් අපේ රට ඉන්දියන් සාගරයේ මධ්‍යගත වෙලා.මේ රට විශාල සාගර සම්පත් තියෙන රටක් බවට පත්වෙලා. ශ්‍රී ලංකාව අද සාගර සම්පත් අතින් යෝධ රටක් වෙලා. මේ නැව මගින් අපිට අවශ්‍ය ගෑස් ප්‍රමාණයට වඩා හතර ගුණයක් වැඩි ගෑස් තැන්පත් කිරීමක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙහි යටි අරමුණක් තියෙනවා. එසේම වරායකට ගොඩ බාන්නේ නැතිව බංකරින් ක්‍රමයට සිදු කෙරෙන මේ ක්‍රමයෙන් ඉන්දියන් සමාගමකට තෙල් ගහන්න දෙන එක හොඳ දෙයක් නෙමෙයි. දේශීය මුදල් පිටරටට ඇදී යෑමක් මේ තුළින් සිදු වෙනවා. නැව මන්නාරම මුහුදු සීමාවේ ස්ථාපිත කිරීම වෙනුවට කොළඹ අවට මුහුදු තීරයේ ස්ථාපිත කිරීමෙන් අපේ රටට ලැබෙන වාසිය වෙනත් රටවලට හිමි වෙනවා. නැව ලබාගැනීමට රුපියල් කෝටි 72000ක් යනවා. අපි බදු ගෙවනවා. කෝටි 72000ක් මේ නිසා මේ නැව ගැනීම රටට විශාල පාඩුවක්. අපේ රටේ ස්වභාවික වායු පිළිබඳ කැනීම් කර ස්ථාන 4ක අවුරුදු 60කට අවශ්‍ය ගෑස් ඇති බව සොයා ගෙන තියෙනවා.ලංකාවට මේ ගැන හැකියාව තිබියදී තමයි මේ වායු නැව කැඳවා තියෙන්නේ.

ඉදිරියේදී මැතිවරණ ගණනාවක් එන්න තිබියදී රටට අහිතකර දේ කිරීම ගැටලු සහගතයි. රත්නපුර මැණික් තිබුණට ඒ ප්‍රදේශයේ දුප්පතුන් සිටිනවා. අපිට ගෑස් තිබුණට ඒවා විදේශිකයන් සතු කළොත් අපේ රටේ විනාශය එතැනයි. ඒ පිළිබඳ නිලධාරීන් කැකුණ තලන්න පුළුවන්. මේ නිසා අපි ගෙන එන ස්වාභාවික වායු නියාමන පනතේ මේ සඳහා වන දූෂණ වැළැක්වීමට නීති සම්පාදනය කර තියෙනවා. ඒ අනුව මිල ආනයන ,නිෂ්පාදන .බෙදා හැරීම,ප්‍රවාහනය ,පාලනය ඇතුළු ක්‍රියා සම්බන්ධනයෙන් නියාමනය සඳහා පනතක් ගෙන එනවා. ලෝකයේ මේ වගේ ගෑස් තියන තැන්වල හයිඩ්‍රො කාබන් ෆන්ඩ් එකක් ස්ථාපිත කර ඒ තුළින් අතිරේක අායෝජන ඇතිකළ යුතුයි.

නව අදහස දක්වන්න