කතුන් රට රැකි­යා­වට යාම පහ­තට | දිනමිණ

කතුන් රට රැකි­යා­වට යාම පහ­තට

මහින්ද අලුත්ගෙදර

රැකියා සඳහා ශ්‍රී ලාංකික කාන්තා­වන් විදේශ ගත­වීම පසු­ගිය 2018 වසරේ දී පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය ප්‍රකාශ කරයි.

කාන්තා ශ්‍රමි­ක­යන් 66,971 දෙනෙකු 2018 වර්ෂයේ දී රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, එම ප්‍රමා­ණය විදේශ ගතවූ මුළු ශ්‍රි ලාංකික ශ්‍රමි­ක­යින් සංඛ්‍යා­වෙන් සිය­යට 31.7 කි. 2017 වර්ෂයේ දී කාන්තා ශ්‍රමි­ක­යන් 68,319 දෙනෙකු විදේශ ගතවී ඇති අතර එහි ප්‍රති­ශ­තය සිය­යට 32 කි. ඒ අනුව කාන්තා ශ්‍රමි­ක­යින් විදේශ ගත­වීම 2017 වර්ෂ­යට සාපේ­ක්ෂව 2018 වර්ෂයේ දී සිය­යට 0.3 ක ප්‍රමා­ණ­ය­කින් අඩුවී තිබෙන බවද එම කාර්යාං­ශය පෙන්වා­දෙයි.

2017 වර්ෂ­යට සාපේ­ක්ෂව 2018 වසරේ ශ්‍රමි­ක­යන් විදේශ ගත­වීමේ සංඛ්‍යාවේ සැල­කිය යුතු වෙන­සක් පෙන්නුම් නොක­රන අතර, 2017 වර්ෂ­යට සාපේ­ක්ෂව 2018 වර්ෂයේ දී ශ්‍රමි­ක­යින් විදේශ ගත­වීම සිය­යට 0.24 කින් අඩුවී තිබේ.

2018 වර්ෂයේ දී ශ්‍රමි­ක­යන් 211,502 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ඒ අතර පිරිමි ශ්‍රමි­ක­යින් ප්‍රමා­ණය 144,531කි. එම සංඛ්‍යාව විදේශ ගතවූ මුළු ශ්‍රමි­ක­යින් සංඛ්‍යා‍වෙන් සිය­යට 68.3 කි. 2017 වර්ෂයේ දී පිරිමි ශ්‍රමි­ක­යින් 143,673 දෙනෙකු විදේශ ගතවී ඇති අතර එය සමස්ථ විදේශ ගත­වී­ම්ව­ලින් සිය­යට 68 කි. ඒ අනුව 2017 වර්ෂ­යට සාපේ­ක්ෂව 2018 වර්ෂයේ දී පිරිමි ශ්‍රමි­ක­යින් විදේශ ගත­වීම සිය­යට 0.3කින් වැඩිවී ඇත.

2018 වර්ෂයේ දී කාන්තා ශ්‍රමි­ක­යන්ට වඩා පිරිමි ශ්‍රමි­ක­යන් 77,560 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබෙන බවට වාර්තා වන අතර 2018 වර්ෂයේ දී ගෘහ සේවි­කා­වන් වශ­යෙන් විදේශ ගතවූ ශ්‍රමි­ක­යන් ප්‍රමා­ණය 64,965කි. 2017 වර්ෂයේ දී ගෘහ සේවි­කා­වන් වශ­යෙන් විදේශ ගතවූ ප්‍රමා­ණය 55,884ක් වන අතර, ඒ අනුව ගෘහ සේවි­කා­වන් වශ­යෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යාම සිය­යට 13 කින් ඉහළ ගොස් තිබේ.

2018 වර්ෂයේ වැඩිම ශ්‍රමි­ක­යන් පිරි­සක් විදේශ ගතවී ඇති රට වනුයේ කටාර් රාජ්‍යය යි. එම ප්‍රමා­ණය 50,776 ක් වන අතර, 2017 වර්ෂයේ දී කටාර් රාජ්‍ය­යට ශ්‍රමි­ක­යින් 56,637 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. පසු­ගිය වර්ෂයේ දී කුවේට් රාජ්‍ය­යට විදේශ ගතවී ඇති ප්‍රමා­ණය 46,946 ක් වන අතර, 2017 දී ශ්‍රමි­ක­යින් 37,410 දෙනෙකු කුවේට් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 2018 වර්ෂයේ දී සෞදි අරා­බි­යට රැකියා සඳහා විදේශ ගතවූ ප්‍රමා­ණය 35,899 ක් වන අතර, 2017 වර්ෂයේ දී එම ප්‍රමා­ණය 37,745කි. පසු­ගිය වර්ෂයේ දී ශ්‍රමි­ක­යින් 5,410 දෙනෙකු දකුණු කොරි­යාවේ රැකියා සඳහා ගොස් තිබේ. එසේම 2017 වසර තුළ දකුණු කොරි­යාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමි­ක­යන් ප්‍රමා­ණය 5,807කි.

විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ දත්ත වාර්තා සස­දන කල පෙනී­යන කරු­ණක් වනුයේ සාම්ප්‍ර­දා­යික මැද­පෙ­ර­දිග රට­ව­ලට වඩා යුරෝ­පීය රට­වල් සහ අනෙ­කුත් රට­ව­ල්ව­ලට ශ්‍රමි­ක­යින් විදේශ රැකියා සඳහා යොමු­වීමේ ප්‍රව­ණ­තා­ව­යක් ඇති­වෙ­මින් පව­තින බවයි. ජපා­නය, මොරි­ෂස්, නව­සී­ල­න්තය, පෝල­න්තය, රුමේ­නි­යාව, ස්විස­ර්ල­න්තය වැනි රට­වල රැකියා සඳහා ශ්‍රමි­ක­යින් යොමු­වීමේ වර්ධ­න­යක් දැකිය හැකි අතර 2017 වර්ෂයේ දී ජපන් රැකියා සඳහා ශ්‍රමි­ක­යින් 402 කු පිටත්ව ගොස් තිබේ. 2018 වර්ෂයේ දී ශ්‍රමි­ක­යින් 746 දෙනෙකු සඳහා ජපා­නයේ රැකියා අවස්ථා හිමිව තිබේ.

එසේම වෘත්තිය රැකියා සඳහා ශ්‍රමි­ක­යින් යොමු­වී­මත් ඉහළ ගොස් ඇති අතර, 2018 වසරේ ශ්‍රමි­ක­යින් 7,192ක් වෘත්ති­මය රැකියා සඳහා විදේශ ගතවී තිබේ. 2017 වසරේ 6,379 දෙනෙකු වෘත්ති­මය රැකියා සඳහා විදේශ ගතවී තිබෙන අතර, ඒ අනුව වෘත්ති­මය රැකියා සඳහා විදේශ ගත­වීම සිය­යට 11 කින් ඉහළ ගොස් තිබේ.

එසේම මධ්‍ය මට්ටමේ රැකියා සඳහා ශ්‍රමි­ක­යින් 7,763ක් විදේශ ගතවී ඇති අතර, 2017 වසරේ 7,127දෙනෙකු වෘත්ති­මය රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

ඒ අනුව වෘත්ති­මය රැකියා සඳහා විදේශ ගත­වීම සිය­යට 8 කින් ඉහළ ගොස් තිබෙන අතර ලිපි­කරු හා ඒ හා සබැදි රැකියා සඳහා ශ්‍රමි­ක­යින් 10,023 දෙනෙකු විදේශ ගතවී ඇත. 2017 වසරේ දී එය 9271 කි. ඒ අනුව ලිපි­කරු හා ඒ හා සබැදි රැකියා සඳහා ශ්‍රමි­ක­යන් විදේශ ගත­වීම පෙර වස­රට සාපේ­ක්ෂව සිය­යට 7.5 කින් ඉහළ ගොස් තිබෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය පෙන්වා දෙයි.

නව අදහස දක්වන්න