දරු පවුල වෙනු­වෙන් දිවි රැක­ගන්න පින්වත් මිනි­සුනේ ඔබේ දෑත දෙන්න | දිනමිණ

දරු පවුල වෙනු­වෙන් දිවි රැක­ගන්න පින්වත් මිනි­සුනේ ඔබේ දෑත දෙන්න

දිය­ණි­යන් තිදෙ­නෙ­කුත්, බිරි­යත් සමග ජීවත් වන්නට වරම් ඉල්ලන සමන්ත සුජීව මහ­තාට පණ දීම එලො­වත් මෙලෙ­වෙත් දෙලො­වම සුග­ති­යට පත්ක­ර­ල­න්නාවූ පින්ක­මකි.

මෙලොව උප­දින බොහෝ දෙනා ජීවත් වීමට බොහෝ සේ ආශා කරති. ඒ සඳහා වෙහෙ­සෙති. ජීවත් වන්නට බොහෝ උත්සා­යන් දරති. මිනි­සුන්ට පම­ණක් නොව සතා සව්පා­වාට පවා ඒ න්‍යාය පොදුය. එහෙත් ඒ උත්සා­හ­ය­ටත්, වෙහෙ­සෙ­ටත් හරස් වූ මාර්ග­යන් අප සියලු දෙනාම ඉදි­රි­යේම බොහෝ සේ තිබේ. ජීවත් වීමට අත්‍යා­වශ වූ අව­ශ්‍ය­තාද යහ­මින් තිබු­ණද ඇතැම් මිනි­සුන්ට ඇවැසි වන්නේ ඊට එහා ගිය අව­ශ්‍ය­තාය. ඒ ජීවි­තය ගැට ගසා ගැනීමේ අර­මු­ණෙනි. හුස්ම ගන්න­ටත්, ජීවය මේ මහ පොළොව මත රඳවා ගන්න­ටත් ඔවුන් තව­මත් මිනි­සුන්ගේ උද­ව්වක් උප­කා­ර­යක් අයැද සිටින්නේ ඒ නිසා­වෙනි. එවන් මිනි­සෙකු අපට මුණ ගැසුනේ අඹ­න්පොළ, උඩං­ගාව ප්‍රදේ­ශ­යෙනි.

වෘත්ති­යෙන් නාවික හමුදා සෙබ­ලෙකු වන ඔහු නමින් රත්නා­යක මුදි­ය­න්සේ­ලාගේ සමන්ත සුජීව රත්නා­ය­කය. තලං­ගෙ­දර, උඩං­ගාව, අඹ­න්පොළ යන ලිපි­නයේ පදිං­චිව සිටින ඔහු තිදරු පියෙකි. රැකි­යා­වට අම­ත­රව නිවා­ඩු­වට නිවෙ­සට පැමිණි විට ගඩොල් කපා අලෙවි කර එයින්ද කීයක් හෝ මුද­ලක් හරි හම්බ කර ගන්නට ඔහු විසින් උත්සාහ කළේ තාමා­ගේත්, බිරි­ය­ගේත් මෙන්ම දිය­ණි­යන් තිදෙ­නා­ගේද ජීවිත තර­මක් හෝ සුව­පත් කර ගැනීමේ අර­මු­ණෙනි. ඒ නිසාම බොහෝ දෙනා ඔහුව හැඳින් වූයේ ගඩොල් සමන්ත යන අන්වර්ථ නාම­යෙනි. එහෙත් ඔහු­වත් නොසිතූ අයු­රින් ඔහුගේ ජීවි­තය කඩා­ගෙන වැටුණි. ඔහු දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන බවට හෙළි විණි. එතැන් පටන් ඔහුගේ ජීවි­තයේ ඉතිරි වූයේ දුකත් කන­ගා­ටු­වත් පමණි. ඒ ගැන සමන්ත සුජිව මෙසේ කීය.

මම දැන් නාවික හමුදා සෙබ­ලෙක් විදි­හට සේව­යට බැඳිලා අවු­රුදු නව­යක් වෙනවා. මේ වෙද්දි ගාල්ල දක්ෂිණ කඳ­වුරේ තමා මම සේවය කරන්නෙ. ඒ බල­නැව් සේව­ක­යෙක් හැටි­යට. එහෙම සේවය කර­ගෙන ඉද්දි තමා මම මේ වගේ දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙ­නවා කියලා වෛද්‍ය­වරු හොයා­ගත්තේ. එතන ඉඳන් මම ප්‍රති­කාර කරන්න පටන් ගත්තා. ඒත් ප්‍රති­කා­ර­ව­ලින් විත­රක් මේ ලෙඩේ සුව කරන්න අමා­රුයි. වෛද්‍ය­වරු කියන්නේ මට හැකි ඉක්ම­නින් O- හෝ O+ වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කරන්න කියලා. මේ වෙද්දි මේ ලෙඩේ හැදිලා මාස එක­හ­මා­රක් විතර වෙනවා. රැකි­යා­වෙන් නිවාඩු ලබා­ගෙන මම මේ වෙද්දි ප්‍රති­කාර ලබ­නවා. සති­යට දෙපා­රක් ගල්ග­මුව මූලික රෝහ­ලට ගිහින් ලේ මාරු කර­නවා. මාස­ය­කට වතා­වක් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ සාය­න­ව­ලට සහ­භාගී වෙනවා. ඒ විදි­හට තමා මම ජීවත් වෙන්නෙ. නමුත් මම මේ විදි­යට හිටිය කෙනෙක් නෙමේ. නිවා­ඩු­වට ගෙදර ආවාම ගෙදර හැම වැඩක්ම කර­නවා. ගඩොල් කපලා පෝරණු ගහලා ඒවා විකු­ණලා මම කීයක් හරි හොයා­ගන්න බැලුවේ මගේ රත්තරං දරු පැටවු තුන්දෙ­නත් බිරි­යත් නිසා. ඒ අයගේ අනා­ග­තය හොඳ තැන­කට ගේන්න ඕනේ නිසා. නමුත් දැන් මගේ හැම වැඩක්ම අත­ර­මග නැව­තිලා. වකු­ග­ඩු­වක් බද්ද නොකර මගේ ජීවි­තය ගැන මගේ ජීවිතේ රැක­ගන්න මට උදව් කරන්න කියලා මම කරු­ණා­වෙන් ඉල්ලා සිටි­නවා.

ගල්ග­මුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්


නව අදහස දක්වන්න